ඉල්ලා අස්වුනු අගමැතිවරයා මේ වනවිට අරලියගහ මන්දිරයෙන් ඉවත්වී ඇති බවත් ඔහු තත්ත්වය සමනය වනතුරු විශේෂ නාවික හමුදා ප්‍රභූ ආරක්ෂාව යටතේ පසුවන බවත් වාර්තා වේ.
එහෙත් ඊයේ (09) අරලියගහ මන්දිරයේ සංවිධානය වුණු මැර ප්‍රහාරය මෙහෙයවනු ලැබූ ප්‍රධානම දේශපාලකයින් වන ජොන්සටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, ගාමිණි ලොකුගේ, පළාත් පාලන නියෝජිතයින්වන මොරටුව නගරාධිපති සමන්ලාල්, බොරලැස්ගමු නගරාධිපති අරුණ ශාන්ත ඇතුළු පළාත් පාලන ආය්තනවල පොහොට්ටුවේ විශාල පිරිසක් අරලියගහ මන්දිරය තුළ කොටු වී සිටිති.
මේ පිරිසට ආහාරපාන සැපයීම නාවික හමුදාව විසින් සිදුකරනු ලබන බව වාර්තා වේ.
දැනට විරෝධය එල්ල වී ඇති ප්‍රභූ කණ්ඩායම් රටින් පිටවීමට අවශ්‍යනම් ඒ සඳහා කිසිම නෛතික බාධකයක් නොමැති බවත්, එවැනි ගමනක් නැවැත්විය හැක්කේ උසාවියෙන් ලබා ගන්නා නියෝගයකින් පමණක් බවත් අගමන විගමන ආරංචි මාර්ග පැහැදිලි කරයි.
එහෙත් මේ වනවිට රටතුළ කිසිම දේශපාලකයෙක් වෙනුවෙන් විශේෂ අමුතන්ගේ පර්යන්තය භාවිත කළ නොහැකි බැවින් අවශ්‍ය නම් සමාන්‍ය මගී පර්යන්තයෙන් රටින් පිටවීමේ කිසිම නෛතික බාධකයක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.