සමගි ජනබලවේගය අද සංවිධානය කර තිබූ මැයි දින රැළිය අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් දරුණු බහින් බස්වීමක් සිදුවන ආකාය දැක්වෙන වීඩීයෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් ඇත.
හරීන් ප්‍රනාන්දු වේදිකාවේ සිට පැමිණෙද්දී සරත් ෆොන්සේකා හරීන් ප්‍රනාන්දුව තමන් අසුන්ගෙන සිටි ස්ථානයට කැඳවනු පෙනේ.
අනතුරුව සරත් ෆොන්සේකා ඔහුට යම් දෙයක් පවසන ආකාරයත් ඒ අතර හරීන් ප්‍රනාන්දු සරත් ෆොන්සේකාට පහර දීමට යන ආකාරයත් එම වීඩියෝවේ දක්නට ලැබේ.
මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැමිණ හරීන්ව එතැනින් ඉවත් කරගනු දක්නට ලැබෙන්නේය.
එම වීඩියෝව පහත දැක්වේ.







