ලලිත් චාමින්ද –
ලෝක කම්කරු දිනය දා ගාල්ල ගෝඨාගෝගම අරගල භුමියේ අරගලකරුවන් විසින් ගාල්ල නගරයේ කැළි කසල කම්කරුවන්, සපත්තු මහන්නන්, ත්‍රිරෝද රථ හා බස්රථ රියදුරන් ඇතුළු විවිධ කණ්ඩායම් සඳහා උපහාර උළෙලක් සංවිධානය කර ඇත.
ඔවුන් ගෞරවණීයව ගෙන්වා මල්මාලා පළඳවා උපහාර පුදකිරීම මෙහිදී සිදු විය. අනතුරුව ඔවුන් වෙනුවෙන් කිරිබත් කැවිලි සහිත තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබුවේය.








