බ්‍රෝඩ්බෑන්ඩ් සේවය සඳහා අවශ්‍ය කරන ෆයිබර් ඔප්ටික් කේබල් චීනයෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් දියත් කිරීමට එක්සත් රාජධානියේ වෙළෙඳ කටයුතු පිළිබඳ අධිකාරිය (ටීආර්ඒ) ක්‍රියා කර තිබේ.
චීනයෙන් ආනයනය කරන ලද මෙම කේබල් එක්සත් රාජධානියේ පවතින සාමාන්‍ය මිලට වඩා අඩු මුදලක් වීම සම්බන්ධයෙන් සේම වෙළඳපොළට ඇතුල් වූ චීන ආනයන හේතුවෙන් එක්සත් රාජධානියේ වෙළඳපළ ද ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කර සහන මිල ගණන් යටතේ කටයුතු කරනු ඇත්දැයි පරීක්ෂණ දෙකක් යටතේ සොයා බලනවා..
නිවේදනයක් නිකුත් කරමින් ටීආර්ඒ එක දන්වා සිටියි.
මෙහිදී ටීආර්ඒ හි විශේෂ අවධානයක් යොමුව ඇත්තේ එක්සත් රාජධානි කර්මාන්තයන්ට මෙම ආනයනයන් හානි සිදු කරනු ඇත්දැයි සොයා බැලීම කෙරෙහිය. අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කරමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කරගෙන යයි.
ෆයිබර් ඔප්ටික් කේබල් කියන්නේ බ්‍රෝන්ඩ්බෑන්ඩ්වල ප්‍රදානතම අංගය.. අපි මේ පරීක්ෂණවලින් බලාපොරොත්තු වෙන්නේ චීනයෙන් ගෙන්වන ලද ෆයිබර් ඔප්ටික් කේබල් එක්සත් රාජධානියේ ආර්ථිකයට බලපෑමක් කරයිද යන්න සොයා බැලීමයි..
ටීආර්ඒ හි ප්‍රධාන විධායක නිළධාරී ඔලිවර් ග්‍රිෆ්ත්ස් පවසයි.







