දිනසේන රතුගමගේ –
දෙමළ ජනතා සන්ධානය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පල කරණ බව් එම පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද ( 26 ) පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමත් තම පක්ෂයේ අරමුණ නිසා විශ්වාසභංග යෝජනාවට සහය පල කරන බවයි.
පාර්ලිමේන්තුවට 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන පිරිසට තම පක්ෂය සහයෝගය ලබා දෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට ඉන් ලබා දෙන විසඳුම් මනාව අධ්‍යයනය කිරීමෙන් පසුව බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ රටේ ඉදිරිපත් වූ සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදීම දෙමළ ප්‍රශ්නය විසඳීමට යම් යම් යෝජනා ඉදිරිපත් වූ නමුත් ඒ කිසිදු යෝජනාවලියකින් දෙමළ ප්‍රශ්න විසදීමට බලයක් නොති බූ බවද ඔහු කියා සිටියේය.







