අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මගෙ නංගි ඇයි මෙහෙම දෙයක් කරගත්තෙ… මට හිතාගන්න බෑ !“ – මධුශානිගේ සොයුරිය හඬා වැටෙමින් සාක්ෂි දෙයි…

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික මළල ක්‍රීඩා උළෙලේ  සියවස් සැමරුම් ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 400කඩුලූ මතින් දිවයාමේ තරගයේදී ජාතික වාර්තාවක් අත්පත් කරගනිමින් රන් පදක්කමක් ද හිමිකරගෙන නිවසට පැමිණ පැය 24ක් යෑමටත් මත්තෙන් ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබූ කෞශල්‍යා මදුශානි ජාතික ක‍්‍රීඩිකාවගේ මරණ පරීක්‍ෂණය කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්‍ෂක නන්දන පී. හෙට්ටිමගේ  විසින් ඊයේ (25) පැවැත්වීය.

මරණකාරියගේ වැඩිමහල් සොයුරිය ප‍්‍රියංගනී සුසීමා(44) සාක්‍ෂි දෙමින් මෙසේ පැවසුවාය.

“මියගොස් ඇත්තේ මාගේ බාලම නංගි.. ඇය ජීවත් වුණේ අම්මත් එක්ක වෙනම නිවසක. ඇය ශ‍්‍රී ලංකා යුදහමුදා ක‍්‍රීඩා සංචිතයේ  ලාන්ස් කෝප‍්‍රල්වරියක ලෙස පනාගොඩ කඳවුරේ සේවය කරමින් සිටියා.“

“ඇය දියගම  පැවති ක‍්‍රීඩා තරගයකට සහභාගි වෙන්න 23 වැනිදා ගියා. සවස 5ට පමණ ඇගේ යෙහෙළියක් සමගින් යළිත් නිවසට ආවා. පසුදින (24) උදේ ඇගේ යෙහෙළිය පිටත්වෙලා ගියා.“

“මම අපේ නිවසේ සිට නංගීට උදේට කන්න එන්න කියන්න නංගිගේ නිවසට ගියා… ඒ වෙලාවෙ උදේ 9ට පමණ ඇති. ඒත් එයා කිව්වා   දැන්ම කන්න බැහැ කියලා කිව්වා. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මා ආපසු මගේ නිවසට පැමිණ මද වේලාවකට පසුව නංගිගේ තවත් යෙහෙළියක් ඇගේ මංගල උත්සවේට නංගිට ආරාධනා කරන්න අපේ නිවසට ආව නිසා යළිත් මම නංගිගේ නිවසට යෙහෙළිය සමගින් ගියා. ඒ වෙනකොට වෙලාව උදේ 10යි.

අපේ නිවසට යාව පිහිටි නංගීගේ නිවසේ ඒ යන විට  ජනෙල් දොරවල් වසා අගුලූ දමා තිබුණෙ. මම නංගිට කථා කළා. දොරට ගැසුවත් ප‍්‍රතිචාර නොදැක්වූ නිසා මම හිතුවෙ තරගයට සහභාගී වෙච්චි   මහන්සියට නංගි නිදි කියලා.

ඊට පස්සෙ මම නංගිගෙ නිදන කාමරයේ ජනේලයට ගැහුවා. තදින් පහරදෙනකොට එක් ජනෙල් පියනක් ඇරුණා. එතකෙට මම දැක්කෙ නංගි ඇඳ අසල දණ ගහගෙන ඉන්නවා වගෙ. නංගී සුරතලයට ඇති කරන බලූපැටවාඑ ඒ අසල සිට නංගීගේ මුහුණ ලෙවකමින් සිටියා.

ඒ එක්කමඑ මම දැක්කා නංගිගෙ බෙල්ල ප‍්‍රදේශයෙන් ලණුවක් වැනි යමක්. මම හයියෙන් කෑගැසුවා. ඒ හඬඑ ඇසුන මාගේ සැමියත් අසල නිවෙස්වල අයත් දිව ආවා. සැමියා පිටුපස දොරගුලූ කඩා නංගීගේ කාමරයට ඇතුළු වී ලණුව කපා සිහිසුන්ව සිටි නංගිව කඩිනමින් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළු කළා.

ඇය මියගොස් සිටි බව අපිට වාර්තා වුණා. කුමන හේතුවකට නංගී එවන් දෙයක් කළා ද කියන්න හිතාගන්න බැහැ.

කෙසේ වෙතත් අපිට මරණය ගැන සැකයක් නැහැ. මියගිය කෞශල්‍යාගේ මව නාලනී කුසුමලතා(66) ය.  ක‍්‍රීඩිකාව රෝහල් ගතකළ මස්සිනා වූ මිල්රෝයි ප‍්‍රසන්දික(46) ය.  ඔවුහු ද සාක්ෂි ලබා දුන්හ.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. කේ. විජේවර්ධන විසින් සිදුකළේය.

මරණය පිළිබඳ තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීම මරණ පරීක්‍ෂකවරයා විසින් හෙට (27) දක්වා කල්තබා තිබිණ.

(බිංගිරිය සෝමසිරි ඒකනායක ,  කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ – දිවයින )

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිබිල සියයට 100 -400 දක්වා වැඩි වේ… මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබෙයි…

Next Post

විශ්වාසභංගයට සහාය දෙනවාද නැද්ද පිළිබඳ තවම තීන්දුවක් නෑ… ටී.එන්.ඒ කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.