දැඩි ආර්ථික අර්බුදයක සිටින ශ්‍රි ලංකාව මේ වනවිට සිය ණය හිමියන්ට ආපසු ණය ගෙවීමේ ක්‍රමය ප්‍රතිව්‍යූහගත කිරීමට කටයුතු කර ඇති අතර එම ක්‍රියාවලියේදී සෙසු ණය හිමියන්ට හා සමානව චීනයටද සැලකිය යුතු බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ප්‍රකාශ කළ බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. .
පසුගිය සිකුරාදා වොෂින්ටනයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉන්දීය මුල් ඇමතිනි සීතාරාමන් පවසා ඇත්තේ සියලු ණය හිමියන්ට සමානව හා විනිවිදභාවයෙන් යුතුව සැලකිය යුතු බවය. “මේ ගැන මම පොදුවේ සහ ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ අවධාරණය කර කිබෙනවා.”යයි පැවසුවාය.
බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාව බීජිං වෙතින් ඩොලර් බිලියන 1 ක් ණයට ගැනීමට බලාපොරොත්තු වන අතර එමඟින් ජූලි මාසයේදී පවතින චීන ණය ආපසු ගෙවීමට මෙන්ම භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 1.5 ක ණය මාර්ගයක් ද ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. ආනයන සඳහා ගෙවීමට ඩොලර් හිඟ ව ඇති ශ්‍රි ලංකාව අසල්වැසි ඉන්දියාවෙන්, ලෝක බැංකුවෙන් සහ IMF වෙතින් ද ආධාර අපේක්ෂා කරයි.
වසංගතය දිවයිනේ සංචාරක ආදායම විනාශ කර ඇති බැවින් – සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභී රටවලට පමණක් ලබා දෙන මධ්‍යම ආදායම් වර්ගීකෘත ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනම් ආධාර සලකා බලන ලෙස ඇය ඉල්ලා ඇති බවද සීතාරාමන් අමාත්‍යවරිය පැවසීය.
විදේශ විනිමය ඉපැයීම් පහත වැටීමත් සමඟ, අභිලාෂකාමී යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සඳහා චීනයෙන් ලබාගත් ණය හේතුවෙන් අර්ධ වශයෙන් වර්ධනය වී ඇති විදේශ ණය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව මහත් පරිශ්‍රමයක් දැරීය. මහ බැංකු දත්ත වලට අනුව, 2020 අවසන් වන විට ශ්‍රී ලංකාව රාජ්‍ය ව්‍යවසාය සඳහා ලබා දුන් ණය හැර චීනයෙන් ඩොලර් බිලියන 3.5 ක පමණ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත.







