ලොව වටා සංචාරයක නිරත අයර්ලන්ත ජාතික තරුණියකට හා ජර්මන් ජතික තරුණයෙකුට මහනුවරදි සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම සඳහා බලකරමින් ඇයව අපයෝජනයට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු මහනුවර සංචාරක පොලිස් ඒකකය මගින් අද (24) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ තරුණයින් පසුගිය 06 වැනි දින මහනුවරදී ජර්මන් ජාතික තරුණියගේ අතින් අල්ලා සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට බලකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මෙම යුවළ විදේශ ගතවීමෙන් පසු අදාළ දර්ශන යූ ටියුබ් ඔස්සේ සමාජගත කර තිබේ. එම දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සිද්ධියට සම්බන්ධ තරුණයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තරුණයින් කටුගස්තොට හා මැදවල ප්‍රදේශවල පදංචිකරුවෝ වෙති.
සිද්ධිය සම්බන්ධවෙන් සංචාරක පොලිස් ඒකකය පරීක්ෂණ පවත්වයි







