ඊයේ දියගමදී නිමා වු 100වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කඩුළු මතින් දිවීමේ ඉසව්ව තත්ත්පර 58.73කින් නිමා කර ජාතික ශූරතාවය හිමිකරගත් මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශ්‍රී ලංකා ජාතික ශූරිය වූ විශිෂ්ඨ මළල ක්‍රීඩිකා කෞශල්‍යා මධුෂානි (25) දිවි සැරියෙන් සමුගත්තාය.
කුලියාපිටිය – දුම්මලසූරිය ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවස තුළ ඇය අද උදේ 11ට පමණ ඇය මියගොස් සිටි සිටි බව වාර්තා විය. මෙම මරණය සියදිවි නසා ගැනීමක් බවට විශ්වාස කරන බව කුලියාපිටිය පොලීසිය කීවේය.
කෞෂල්‍යා මධුෂානි ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනා රටට ගෞරවයක් ගෙනා විශිෂ්ට ක්‍රීඩිකාවකි. ඇය යොවුන් ක්‍රීඩිකාව ජාතික මට්ටමින් සහ ඇයගේ පාසල් අවධියේ විශිෂ්ටම ක්‍රීඩිකාව ලෙස අභිසෙස් ලබමින් සම්මානිත වී තිබුණාය.
වර්ෂ 2019 නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නී කෞෂල්‍යාය. අතර ඇය 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කාන්තා සහය දිවීමේ කණ්ඩායම ද ඇය නියෝජනය කළාය.
ඇය 2014 ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේදී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් රටට දිනා දුන් යොවුන් ක්‍රීඩිකාව ඇය ය.
පාසල් ක්‍රීඩිකාව ලෙස වරෙක ලංකාවේ දක්‍ෂතම මලල ක්‍රීඩිකාව ලෙස සම්මානිත වූයේ කුලියාපිටිය මැදි මහ විදුහලේ ශිෂ්‍යාවක ලෙස. කෞශල්‍යාය. එවර වයස 21 පහළ මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව මිනිත්තු 01.02.11 කාලයකින් අවසන් කළ ඇය නව තරග වාර්තාවක්ද පිහිටවූවාය.








