ශ්‍රි ලංකාවට හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 21.7ක මුදලක් වහාම නිදහස් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර ඇත.
මේ වනවිට රටේ පවතින දැඩි ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය සේවයේ අඩුපාඩු පියවීමේ අරමුණින් මෙම මුදල නිදහස් කළ බව මුදල් අමාත්‍ය අලි සබ්රි පැවසීය.
මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින අමාත්‍යවරයා එහි සිට මාධ්‍ය අමතමින් සඳහන් කළේ ලෝක බැංකුවෙන් ද මෙම ඖෂධ සැපයුම් සඳහා ආධාර ලබා දීමට එකඟතාව පළ කර ඇති බවය.
ඉදිරි සති දෙකත් මාස හතරත් අතර කාලය තුළ ලෝක බැංකුව ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 300 – 600 අතර මුදලක් ලබා දීමට නියමිත බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.







