පසුගිය 12 වැනිදා සිට ලබන 25 වැනිදා තෙක් වසා දමා ඇති ලිට්රෝ ගෑස් සමාගම රට තුළ ඇති කිරීමට නියමිත ලක්ෂ 12ක් පමණ වූ ගෑස් ටැංකි හිඟය ඉදිරියේ දී ගෑස් අර්බුදය අඛණ්ඩ ප්රශ්නයක් කරනු ඇතැයි පාර්ලිමේන්තවේ දී ප්රකාශ විය.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්රශ්නයක් මතුකළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් අබේසිංහවිමසා සිටියේ මේ වසා දැමීම නිසා වෙළෙඳපළේ අති වූ ලක්ෂ 12ක ගෑස් ටැංකි හිඟය සති දෙකක් තුළ කළමනාකරණය කරන බවට ආණ්ඩුව කරන ප්රකාශය ප්රායෝගික කරන ආකාරය පැහැදිලි කළ යුතු බවය.
“ රටේම ඉතාම බරපතල ගෑස් අර්බුදයක්… නාගරික අර්ධ නාගරික ජනතාව ඉතාම පීඩාවට පත්වෙලා. එහෙම තියෙද්දි දවස් 12ක් ලිට්රෝ සමාගම වහනවා. දවසකට ලිට්රෝ සමාගම වෙළෙඳපලට නිකුත් කරන්නෙ ගෑස් ටැංකි ලක්ෂයක් පමණ ප්රමාණයක්… වසා දැමූ දවස් 12 තුළ ගෑස් ටැංකි ලක්ෂ 12ක හිඟයක් වෙළෙඳපලේ නිර්මාණය වෙනවා.“
“ මේක දීර්ඝ කාලීන ගෑස් හිඟයකට හේතු වෙනවා. මොකක්ද මේකට කරන්නෙ. මේ ප්රශ්නය සතියෙන් දෙකෙන් ඉවර කරන්නෙ කොහොම ද කියලා අන්ඩුව පැහැදිලි කළ යුතුයි…“
අශෝක අබේසිංහ මන්ත්රීවරයා කීවේය.







