බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඹුක්කන සිදුවූයේ කුමක් ද?…

by editor
අප්‍රේල් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක් ඝාතනයක් සිදුවී තිබේ. තවත් තරුණයෙක් මරණාසන්නව ජීවිතය සමග සටනක නියැලෙමිනි.  පොලිස්පති නිවේදනයක් නිකුත් කරමින් මහා දේපල හානියක් ව්‍යසනයක් වළක්වා ගැනීමට පොලිසිය කළ යුතු අයුරින්ම අවබ බලය භාවිතා කළ බව කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට ලෝකයම මේ ම්ලේච්ඡත්වයට එරෙහිව අවධානයෙනි. අන්ත දුගී හිඟන තත්වයට වැටී සිටින ජාතියක්  ජීවත්වීම් සඳහා ලෝකයෙන් හිඟා කමින් සිටිය දී සිදුවෙමින් ඇති මේ අවලම් හැසිරීමේ නිරුවත වීඩියෝ දර්ශන ඔස්සේ සහතික වෙමින් ඇත.  තෙල් බවුසරයක් බේරා ගන්නට මිනියක් මැරූ බව පිළිගන්නට සිදුවී තිබේ. තවදුරටත් පඩංගු බොරු කියන්නට පොලිස්පතිවරයාටත් හැකියාවක් නැත.

ගම්මු කියන කතාව

රඹුක්කන ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට 18 දා උදේ සිට පෝලිමේ සිටි ත්‍රීවීලර් ඇතුළු වාහන රැසක් ඉන්ධන අවසන් වීමෙන් පසු දැඩි අපහසුතාවට වූයේය. ඉන්ධනහලේ  කළමනාකරු පාරිභෝගිකයිනට කීවේ  ඒ වන විටත් ඉන්ධන බවුසරයක් කොළොන්නාවේ සිට  පැමිණෙන බවය.  තහවුරු කළ එම ආරංචියත් සමග  ඇතැම්හු දිය පොදක් රහිතව පෝලිමේ සිටියහ.

පස්වරු 6.30ට පමණ බවුසරය නිට්‍ටඹුවේ බව කියැවිනි.  ඒ අනුව  උපරිම රාත්‍රී 8.00- 8.30ට හෝ බවුසරය ඉන්ධනහලට  පැමිණිමට නියමිතය. මිනිස්සු කුසගින්නේම පෝලිමේ රැඳී උන්හ.

18 මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධනමිල ඉහළ යෑමේ තොරතුර ඉන්ධනහල් හිමියන්ට ලැබෙන්නේ මේ අරතය. යම් කිසි සැලසුමකට අනුව ඉන්ධන රැගත් බවුසරය ප්‍රමාද කර ඇති බවත්,  සවස 6.30ට පමණ නිට්ටඹුවේ තිබූ බවුසරය පැමිණ තිබුණේ ඊයේ අලුයම බවත් වාර්තා විය.

අලුයම බවුසරය  පැමිණිමෙන් පසු පාරිභෝගිකය පිරිස්  ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයාට කළ  වරද පවසා පැරණි මිලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි. එහෙත් එය  ප්‍රතික්ෂේප විය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙවැනිම සිද්ධියක් පොලොන්නරුවේ සෙවනගලින් වාර්තා වූයේය. ඒ අවස්ථාවේ දී  සෙවනගල පිරවුම්හලට පැමිණි පොලිසිය ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුවන්ට අවවාද කර ජනතාවට පැරණි මිලට ඉන්ධන ලබා දීමට කටයුතු කළේය. මිනිස්සු පොලිසියට පින් දුන්නේය.

මේ කතාව කියවන්න…

අඩු මිලට ගෙනා ඉන්ධන තොග සඟවා වැඩි මිලට විකුණීමට ගිය ඉන්ධනහල් හිමියාට පාඩමක්!

ඒ තරම් වැදගත් පොලිසියක් රඹුක්කන සිටියේ නැත. දේශපාලන හයිය සහිත රඹුක්කන විවිධ සේවා සමූපකාර සමිතියේ  සභාපති  තමන් යටතේ ඇති ඉන්ධන පිරවුම්හලේ  කරන්නට ගිය තුච්ඡ ජාවාරම පිළිගත්තේත් නැත. විරෝධය ඇවිලුනේ මේ ජාවාරමත් ජාවාරම් කරුවනුත් ආරක්ෂා කිරීමට ආණ්ඩුවේ පොලිසිය කටයුතු කිරීම නිසාය.

විරෝධතාකරුවෝ    දුම්රිය හරස් මාර්ගයේ බවුසරය නවතා විරෝධතා ආරම්භ කළහ. ඉල්ලුවේ මේ ජවාරම වළක්වා පැරණි මිලට ඉන්ධන ලබා දෙන ලෙසය. මේ ඉල්ලීමට මැදිහත් වනු වෙනුවට  පොලිසිය පැමිණ උත්සාහ කළේ  බවුසරය ඉවත් කර දුම්රිය මාර්ගය විවෘත කිරීමට පමණි.

ඉන්ධන සහිත බවුසරයක් ආපදාවකදී හැරෙන්නට අතර මග අතාර්කිකව නවතා තැබිය නොහැකිය. එමෙන්ම එසේ බොහෝ වේලාවක් ඉන්ධන සහිත බවුසරයක් නවතා තැබීමට සිදු වුවහොත් අනිවාර්යයෙන්ම හේතුව සහිතව පොලිසියට දැනුම් දිය යුතුය. එය පුරවන ලද ගෑස් සිලින්ඩර සහිත වාහනවලටද අදාළය.

විරෝධතාවය තියුණු වීම

තෙල් බවුසරය ඉවත්කිරීමට විනා ස්වකීය ඉල්ලීමට මැදිහත් වීමට පොලිසිය සූදානම් නොවන පසුබිමක ජනතාව සිය විරෝධය උග්‍ර කළේය. ඔවුහු  මාර්ග අවහිර කළහ. ටයර් පිලිස්සූහ. මාර්ගය විවෘත කරගැනීමට පොලිසියේ උත්සාහය ව්‍යර්ථ විය.

මේ අනතුරුව සිදුවුණු පෙළගැස්ම සම්බන්ධව විධිමත් විමර්ශනයක් අවශ්‍යය. එය මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීමකි.  මේ ගැටුම පසුපස හමුදාව හැර ගිය පිරිසක් සිටින බවටත් චෝදනා එල්ල වෙමින් ඇත. උද්ඝෝෂණ ස්ථානයේ තිබූ ත්‍රීවිල් රථයකට ගිනි තැබුවේත්,   ඉන්ධන පිරවුම්හලට ද ගිනි තබන්න උත්සාහ කළේත් උද්ඝෝෂකයන්ම ද යන්න සම්බන්ධව දැන් ප්‍රශ්න කෙරෙමින් තිබේ. ඒ සැකය සාධාරණ බව පෙනී යන වීඩියෝ දර්ශන ගණනක් සමාජ මාධ්‍යය තුළ සැරිසරමින් ඇත. එක් වීඩියෝ දර්ශනයක පෙනෙන්නේ ගිනි තැබීමට උත්සාහ කළ ඉන්ධන පිරවුම්හලේ ගින්න නිවා දැමීමට තැත් කරන  උද්ඝෝෂකයින් පිරිසකි.

විරෝධතාවය ඇරඹුණ අයුරු…

පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ පොලිස්පතිවරයා විසින් කඳුළු ගෑස් ගසා උද්ඝෝෂකයන් විසුරුවා හැර ඉන්ධන බවුසරය ඉවත් කිරීමට පමණක් අණ දී ඇති බවය. වැඩේ ව්‍යසනයක් වූ විට එය කළමනාකරණය කරගැනීමට  අවම බලය ගැන කියන්නට පොලිස්පතිවරයාට සිදු වී ඇත.

විමර්ශනයක දී හෙළි වී ඇත්තේ කඳුළු ගෑස් ගැසීමෙන් අනතුරුව යන එන මං නොදැන අසරණ වූ නිරායුධ පිරිසකට වෙඩි තැබුවේ රඹුක්කන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් නොවන බවය. ඔවුන් ආයුධ සන්නද්ධව එම ස්ථානයට නොගිය බව පැවසිනි. මේ වෙඩි තැබීමට අණ දී ඇත්තේ මිනීමැරම් සම්බන්ධ නින්දිත ඉතිහාසයක් සහිත පොලිස් නිලධාරියෙක් බව වාර්තා වෙමින් ඇත.

මේ පොලිස්පති කී අවම බලය පොලිසිය විසින් පාවිච්චි කරන අයුරුය…

Police were firing at the people who were running away. This is clearly a human rights violation. Strict legal actions need to be taken against the officers who are responsible.#lka #SriLanka #HumanRights #policebrutality #Police #law #justice pic.twitter.com/hJEBvbkTSf

— Prasad Welikumbura (@Welikumbura) April 19, 2022

මේ පොලිස් මීහරක් ජීවත්වන මනුෂ්‍යයාට වඩා මරා දැමූ මිනිසුන්ගේ ප්‍රකාශන බලවත් බව තේරුම් ගන්නේ නැත. එය ලෝකයේම හදවත් දැදුරු කරන බවත් ඉන් උපදින පීඩනය ජීවත්වෙන්නට වෙර දරනා ජාතියක් මරණ මංචකයට දමන බවත් දන්නේ නැත.

රඹුක්කන මිනී මැරුමේ ප්‍රතිඵල ලැබෙනු ඇත්තේ තැපෑලෙනි. එතකම් අපේක්ෂා රහිතව බලා සිටිනු හැර වෙන කරන්නට දෙයක් නැත. මේ මිනී මැරීම සිදුවන්නේ හිඟමනට වැටුණු ජාතියක් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග ස්වකීය අනාගත ඉරණම විසඳන ණය ගනුදෙණුව ගැන සාකච්ඡා කරමින් සිටියදී ය.    ලෝකය අප සම්බන්ධව  දක්වන ප්‍රතිචාරය ඒ තරම් යහපත් එකක් නොවනු ඇති බව නම් පැහැදිලිය.

ඊයේ සිටම ඒ සොහොන් ලකුණු  ප්‍රකාශ වීමට පටන් ගෙන තිබේ. එය රටට දැනෙමින් තිබේ. ඒ රට තුළ ප්‍රකාශ වෙමින් තිබේ. ගෝඨාගෝගමේ අරගලකරුවන්  රඹුක්කන මරා දැමූ තරුණයන් වෙනුවෙන් ඊයේ සිය කම්පනය ප්‍රකාශයට පත් කළේ මෙසේය…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාලු පාර පානදුරෙන් සහ බලපිටියෙන් හරස් වෙයි – මහ වැසි මැදත් ජනතාව මහ පාරේ!

Next Post

මොනවද මේ වෙන්නෙ… සංස්කරණය නොකළ වෙඩි තැබීමේ දර්ශන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටත් ගිහින් ඉවරයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.