සමගි ජන බලවේය විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට සැරසෙන විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය එළඹෙන පාර්ලිමේන්තුවට පෙර ඉදිරපත් කිරීමේ සැලසුමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යෑම සඳහා රට සූදානම් වන මූලික කොන්දේසිවලට හරස් වී ඇතැයි වාර්තා වේ.
ජාත්‍යාන්තර මූල්‍ය මුදල වෙත යෑම සඳහා සූදානම් වෙමින් සිටින ආර්ථික විශේෂඥවරුන් විශ්වාසභංගය සඳහා මූලිකව සූදානම්වන සමගි ජනබලවේගය වෙත දන්වා ඇත්තේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡාවන්ට පෙර මෙම දෝෂාභියෝගය හෝ විශ්වාසභංගය ගෙන ඒම රට පැත්තෙන් අවාසියක් වනු ඇති බවය.
ඒ අනුව සමගි ජන බලවේගය විසින් ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිටි විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් කිරීම ලබන 24 වැනිදායින් පසු දිනයකට යොදා ගැනීමට තීරණය කර ඇත.
මේ වනවිට දෝෂාභියෝගය සහ විශ්වාසභංගය සඳහා අත්සන් ගැනීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව සහ ස්ථාවරව පවත්වාගෙන යන බව සමගි ජන බලවේගය කියයි.







