ගාලුමුවදොර පැවැත්වෙන දැවන්ත අරගලයට සහය පළ කරමින් කිරිබත්ගොඩ මාකොළ මං සන්ධියේ විරෝධතා අට්ටාලයක් සකස් කරමින් සිටි විශ්ව විද්යාල සිසු පිරිසකට පහර දී එම අට්ටාලය කඩා බිඳ දැමූ බවට සැක පිට කැලණිය ප්රාදේශීය සභාවේ ශ්රි ලංකා පොදු ජන පෙරමුණ මන්ත්රිවරයකු වන නිලන්ත පෙරේරා කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම සිසු පිරිස අද සවස කිරිබත්ගොඩ නගරයේ මාකොළ මංසන්ධියේ මෙම විරෝධතා අට්ටාලය සකස් කරමින් සිටියදී මෙම සැකකකාර මන්ත්රිවරයා ප්රමුඛ පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම සිසුන්ට පහර ඇත.
අනතුරුව මෙම විරෝධතා අට්ටාලය ද ඔවුන් විසින් කඩා බිඳ දමා තිබේ.
මැර ප්රහාරයට ලක් වූ සිසුන් කිහිප දෙනකු රෝහල් ගත වී ඇති අතර මීට අදාළ විමර්ශන සඳහා මෙම මනත්රිවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇත.







