නිවැරදි තීරණ නිවැරදි වේලාවට නොගැනීම, මූල්‍ය විනය බිද වැටීම හා සුදුසු අය සුදුසු ස්ථාන වල ස්ථානගත නොවීම යන ප්‍රධාන හේතු මත වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මතුවි තිබෙන ආර්ථික, දේශපාලණික හා සමාජිය බිද වැටීම, බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසයි. .
රාජ්‍ය නිලධාරින් හා වෘත්තීයවේදීන් වශයෙන් මේ ගැටලු වලට විසදීම් ලබා දිම සදහා අත්හල නොහැකි වගකීමක් බවත් මේ ගැටලු සහගත තත්ත්වයෙන් මිදීම සදහා ඉක්මනින් මැදිහත් වී කෙටි කාලින, මධ්‍ය කාලීන හා දිගුකාලීන විසදුම් යෝජනා කිරිමටත් එම යෝජනා යථාර්තයක් බවට පත්කර ගැනිමටත් කණ්ඩායමක් ලෙස එකට එක්ව කටයුතු කිරිමට එම සංගමය තීරණය කර ඇත.
සිය ලිපි ශීර්ෂය භාවිත නොකර මාධ්‍යයට නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.







