මේ වන විට ජභීතිකාව වැලැක්වීම සඳහා ලබාදෙන එන්නත් තොග රෝගහල්වල අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සභාපති අජිත් තිලකරත්න සඳහන් කරයි.
ප්‍රතිශක්තිකරණ එන්නත් හා ජීවිතාරක්ෂක ඖෂධ විශාල වශයෙන් අඩුවෙමින් පවතින බැවින් ඒවා නැවත ගෙන ඒම සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක නොමැති බැවින් ඉදිරියේදී රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරක් කරා ලඟාවීම නියත යැයිද හෙතෙම පැවසීය.







