රට බිහිසුණු අනතුරකට මුහුණ පා ඇති අවස්ථාවක රැස්කළ තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරය තුළ පක්ෂ විපක්ෂ බහුතරයක් පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ මුග්ධ හැසිරීම හේතුවෙන් සභාව කල් තැබීමට කතා නායකවරයා මීට ස්වල්ප වෙලාවකට පෙර තීරණය කළේය.
මේ අශීලාචාර වගකීම් රහිත හැසිරීම පාර්ලිමේන්තුව තුළ ප්‍රකට වූයේ මුළු රටම විසඳුමක් අපේක්ෂාවෙන් එය දෙස බලාගෙන සිටියදීය.
පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසඳීමට මේ සිතය අවසන් වීමට පෙර එකඟතාවයකට පැමිණෙන ලෙස අද දවසේ විවාදය ආම්භ කිරීමට පෙර ඉල්ලා සිටියේය.
එහෙත් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව විවාද කිරීම සඳහා අද දිනයේ රැස්වූ පාර්ලිමේන්තුව එම විවාදය ආරම්භ කිරීමටත් පෙර අවිනීත උණුසුම් තත්වයක් ඇති විය.
ඊට මූලිකම හේතුව වූයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර පවතින ප්රශ්නය පිළිබඳව කළ පැහැදිළි කිරීමක් නොනවත්වා සිදු කිරීම හේතුවෙනි. ඊට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්සටන් ප්‍රනාන්දු ද අශීලාචාර මැරයෙක් ලෙස පිළිතුරු දුන්නේය.
දිනයට න්‍යාය පත්‍රයේ නියමිත තවත් අංග කිහිපයක් පවතින බැවින් රටේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දිගින් දිගටම අදහස් නොදක්වා ආදළ කටයුතු අවසන් කිරීමෙන් පසුව අදහස් දක්වන ලෙසට කථානායක මහින්ද යාපා අබේවර්ධන කළ ඉල්ලීම නොතකමින් නලින් බන්ඩාර ආවේගශිලීව සිය කතාව දිගටම කරගෙන ගියේය.
මේ හේතුවෙන් කථානායකවරයා සභාව විනාඩි 10කට කල් තබමින් සිය අසුනින් නික්ම ගියේය.







