මේ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු සිය ධුරවලින් සහ ආණ්ඩුවෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට තීරණය කර ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම ඊයේ (03 ) රාත්රියේ හිටපු ජනපති මෛත්රීපාල සිරිසේනගේ නායකත්වයෙන් හදිසියේ රැස් වුණු අතර ඊට මන්ත්රීවරු 14 දෙනාගෙන් 03 දෙනෙක් සහභාගී නොවීම නිසා ඔවුන්ද සම්බන්ධ කරගෙන මන්ත්රී කණ්ඩායම අද (04) පැවැත්වීමට තීරණය කර තිබේ.
මන්ත්රී කණ්ඩායම් රැස්වීමට එක් වූ දයාසිරි ජයසේකර සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපතිවරයා වෙත භාර දෙන බව ප්රකාශ කර තිබේ.
වත්මන් පාලනය යටතේ රටට සිදුවන විපත් හමුවේ තම හෘදයසාක්ෂිය අනුව තවදුරටත් ආණ්ඩුවේ තනතුරක සිටිය නොහැකි බව ඔවුන් පවසා ඇත.
ඒ අනුව දයාසිරි ජයසේකර අනුව යමින් අනික් මැති ඇමතිවරු ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
අද පූර්ණ කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බව වාර්තාවේ







