පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නැවැත්වීමට රෝහල් අධ්යක්ෂවරයා තීරණය කර ඇත්තේ අමාත්‍යාංශය වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තුන්වරක් ලිඛිතව ඉල්ලා නොලැබීමෙන් පසු බව එම සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්යාං විමර්ශන කණ්ඩායම ඊයේ කළ විමර්ශනයකින් පසු හෙළි වී තිබේ.
ඒ අනුව සැත්කම්වලට ඍජුව අවශ්‍ය ඖෂධ හිඟය ගැන පුර්ණ විස්තරයක් පසුගිය මාර්තු මාර්තු 12 ලිඛිතව ඉල්ලා ඇති බවත්, මාර්තු 22 යළි එම ඍෂධ හිඟය ගැන අවධාරණාත්මක සිහි කැඳවීමක් කර ඇති බවත් ඊටත් පිළිතුරු නොමැති කම නිසා මාර්තු 28 දා යළිත් ඉල්ලීමක් කර ඇති බවත් විමර්ශනයේ දී සනාථ වී ඇත.
වහාම ක්‍රියාත්මකවන පරිදි සාමාන්‍යයෙන් සිදුවන සියලුම සැත්කම් නැවැත්වීමට පේරාදෙණිය ශික්ෂණ රෝහල් අධ්‍යක්වරයා පසුගිය 28 දා තීරණය කර ඇත්තේ ඉන් පසුව බව හෙළි වී තිබේ.
ශල්‍ය උපකරණ ඖෂධ හිඟය නිසා නැවත දන්වනතුරු සියලුම සාමාන්‍ය සැත්කම් අත්හිටවා සැත්කම් සඳහා රෝහල්ගත කර ඇති රෝගීන් පිටත් කර යැවීමට අදාල මෙ තීරණය ගැනීමට ප්‍රධානම හේතුව වී තිබුණේ නිර්වින්දය කළ රෝගීන් යළි සිහිගැන්වීම සඳහා භාවිතා කරන Neostigmine ඖෂධය නොමැති වීමය.
මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී පැය කිහිපයක් තුළ අදාල ඖෂධ සහ උපකරණ යම් ප්‍රමාණයක් රෝහලට ලැබී තිබිණි.
මේ සම්බන්ධව ප්‍රවෘත්තිය සමාජගත වූ වහාම චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා රෝහල් අධ්යක්ෂවරයා දේශපාලන කුමන්ත්‍රණකරුවෙක් බව කීවේය. ඔහුගේ එම ප්‍රකාශය හෙළා දකිමින් සෞඛ්‍ය වෘත්තිකයින් කරුණු පහදා තිබිණි.
සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කිවේ මේ සිදුවීම සම්බන්ධව මාධ්‍ය හැසිරී තිබුණේ ප්රතිගාමී ප්රවේශයකින් බවය. මීට වඩා වගකීමකින් මාධ්‍ය හැසිරිය යුතුව තිබුණු බවත් මේ ප්රශ්නය සම්බන්ධව ඉන්දීය විදේශ ඇමතිවරයා මැදිහත් වීමට සූදානම් වනවිට තමන් විසින් සියලුම ගැටලු විසඳා ඉවර කර තිබුණු බවත්ය.
තමන් ගැටලුව විසඳූ සිදුවීම මාධ්‍ය ඔස්සේ වාර්තා නොකළ බව ද ඇමතිවරයා කීවේය.