බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්න හාල් මිටක් නෑ… කටු අල හොයාගෙන දිඹුලාගල කැලෑ පීරන දළුකානේ ආදිවාසී ඇත්තෝ….

by editor
මාර්තු 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

හාල් ඇතුළු අත්‍යවශ්‍ය ‍ ද්‍රව්‍ය ලබා ගැනීමට පවතින ආර්ථික අහේනිය නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් 10කට ආසන්න පිරිසක් දින කිහිපයක සිට දිඹුලාගල කන්ද සහ අවට කැලෑ පීරා මහ පොළොව හාරමින්  කටු අල, ඇතුළු අල වර්ග ගෙනවිත් තම්බා දී තම දරු පවුල් පෝෂණයය කරන සිද්ධියක් දිඹුලාගලින් වාර්තා වේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල් දෙසීයක්  දී හාල් කිලෝවක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයට ආදිවාසී ජනතාව පත්ව ඇති බවත් මේ දිනවල කුලී වැඩ නොමැති නිසාත්, අඛණ්ඩව පැය කිහිපයක් විදුලිය කැපීම නිසා විදුලියෙන් වැඩ සිදුකරන ආයතන වලට කම්කරුවන් ලෙස වැඩට නොගන්නා මට්ටමක් උද්ගතවී ඇති නිසාත්  මේ තත්වය ඇති වී තිබෙන බව දලුකාන ආදිවාසි නායිකා    58 වියැති කේ.ලිසිනෝනා  සඳහන් කළාය.

කේ.ලිසිනෝනා

කුඹුරු ඉඩම් ද නොමැති දිඹුලාගල කොට්ටාසයේ දලුකාන, යක්කුරේ, ඉහළ යක්කුරේ, ඇල්ලේවැව මහදමන, කුඩාවැව, කොළකන වාඩිය, ඇතුළු ගම්මාන 8 ක තම ආදිවාසි පවුල් 4400 කට ආසන්න සංඛ්‍යාවක්  වෙනුවෙන් අදහස් දැක්වූ දලුකාන ආදිවාසි නායකා කේ ලිසී නෝනා  මෙලෙස ද සඳහන් කළාය.

“ අපි දැන් දින දෙක තුනක ඉඳලා  දිඹුලාගල  කන්දේ කැලෑ   පීරලා කටුවල හොයාගෙන ඇවිත් තම්බලා   පොල් කෑල්ලක් එක්ක දරුවන්ට දුන්නේ. අලවර්ග, කොළ වර්ග, කැලෑ ගෙඩි වර්ගවලින් අපේ ආදී මුතුන් මිත්තෝ බඩ පුරවා ගත්තා.    නමුත් අලුත් කට්ටිය   බත් කාලා හුරුවෙලා, තුන්වේලටම බත් කන්න ඕනේ. “

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ඒත්  දවසකට හාල් කිලෝවක් ගන්න තරම් අපිට වත් කමක් නෑ. අපිට කුඹුරු ඉඩම් නෑ. ඒ නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් අටක් නමයක්  විතර මේ දිනවල කැලෑ වල ගිහිල්ලා දිඹුලාගල කන්දේ ගිහිල්ලා   කෑමට සුදුසු හැම අල වර්ගයක්ම හාරාගෙන එනවා. ඒවා කාලා තමයි අපි ජීවත් වෙන්නෙ.“

කැලෑ අල කෑම වේල…

“රජයෙන් කියලා අපිට කිසිම සහනයක් ලැබුණේ නැහැ. අපි අපේ දුක්ගැනවිල්ල  ආදිවාසී නායක ඇත්තන්ටත් ඉදිරිපත් කළා. හෙට, අනිද්දා ,අපිට කියලා අවුරුද්දක් එනවා. මේ දරුවන්ට කිරිබත් කෑල්ලක්වත් කන්න හාල් ටිකක් අපිට නැහැ.“   ආදිවාසී නායකා ලිසීනෝනා  එලෙස තම වර්ගයාගේ  දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාය.

“අපි මහත්තයෝ ගෑස් පෝලිම් වල නං යන්නෙ නෑ. අහල පහල කැලේට ගිහිල්ලා දර මිටියක් ගෙනවිල්ලා තමයි ලිපේ තියෙන දෙයක් උයාගෙන කන්නේ. සමහර අය මොනරාගල කුලියට බඩඉරිඟු කඩන්න යනවා දැන් ඒවත් නැහැ.“   ලිසී නෝනා මහත්මිය හඬා වැලපෙමින් කීවාය.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ආදි වූ ආදිවාසී ජනතාව  මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ   දලුකාන ගම්මානයෙ සිවුදරු පියක්වන 70 වියැති  රෝසප්පුගේ පුංචි බණ්ඩා   මෙලෙස කීවේය,

රෝසප්පුගේ පුංචි බණ්ඩා

“ අපේ තාත්තලා අම්මලා ඉස්සර කැලෑ පොජ්ජේ මංගච්චල තමයි අල පොජ්ජ කොටා බෑවේ, දැන් ඉන්න කැකුලු කැකුලියන්ට අල, කොළ, ගෙඩි කොටා බාලා පුරුදු නෑ, එවුන්ට තුන් වේලම බත් තමයි ඕනේ, ඉතින් මම හාල් කිලෝවක් රුපියල් දෙසීයකට අරන්  ඇවිල්ලා උන්ට එක් වේලක් කන්න දීලා කටුවල කන්නත් පුරුදු කරනවා.“

“අපිත් දැන් ආයෙත් ඒ කාලෙට  හුරුවෙලා කැලෑ කොළ, අල, කාලා කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. මේවේ වස විස නැති නිසා අපිට ලෙඩ දුක් නෑ. කැලෑ කොළ, ගෙඩි, අල, කාලා ඉන්න කොට ආයුෂ වැඩි වෙනවා. මට දැන්  අවුරුදු හැත්තෑවක් වෙනවා. කිසිම ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් පෙත්තක් බීල නෑ තවම.  අපේ අම්මලා තාත්තලා ඒ කාලේ දුන්නෙ මේ කැලෑ කොළ ගෙඩි තමා, “.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එළියට බහින්න වෙලාව හරි…  මිනිස්සු නිදි නම් ඔළු මාරු කරලා වැඩක් නෑ – රාජාංගනේ සද්ධාතිස්ස හිමි…

Next Post

“රනිල් තමයි කෙනා…“ වික්ටර් අයිවන් බීබීසීයට කී කතාව

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.