නිසි සංවිධනාත්මකභාවයික් කටයුතු සිදු නොවීම හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින ඇෆ්ගන් වැසියන් හට නිසි පරිදි සහනාධාර සැපීයමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ටෙලෝ පුවත් සේවය වාර්තා කරන අන්දමට බටහිර සහන සංවිධාන ඇෆ්ගනිස්ථාන රාජ්‍ය සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ.
ඇෆ්ගනිස්ථානයේ ජාතික තොරතුරු අධිකාරිය පවසන අන්දමට එරට දරිද්‍රතාවයෙන් පෙළෙස ජනතාව පිළිබඳ තමන් විසින් රැස් කළ නිල දත්ත ජාත්‍යන්තර සහන සංවිධාන බාවිතා කිරීමක් සිදුනොකරයි.
‟කිසිම සංවිධානයක් විසින් අපෙන් අපි සතුව තිබෙන දත්ත ඉල්ලා නැහැ. ඔවුන් සියලුම දෙනා තමන්ට කැමති අකාරය කිසිම සහයෝගීතාවක් නොමැතිව කටයුතු කරනවා”යනුවෙන් ඇෆ්ගනිස්ථානයේ ජාතික තොරතුරු අධිකාරිය නියෝජ්‍ය අධ්‍යක්ෂක හසිබුල්ලා මුවාහෙඩ් පවසයි.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ ආර්ථික අමාත්‍යංශය පවසන අන්දමට සහන සංවිධාන නිසි සංවිධානාත්මත බවකින් කටයුතු නොකරන බැවින් සත්‍ය වශයෙන්ම සහන අවශ්‍ය කරනු ලබන පිරිස හට සහනා ලඟාවීමේ ගැටලුවක් නිර්මාණය වී තිබේ.
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කරගැනීමත් සමඟ එරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටුනු අතර ලක්ෂ සංඛ්‍යාත ජනකායක් හට දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණදීමට සිදුවිය.







