පවතින ගෑස් හිඟය තවත් දින 04කින් සම්පූර්ණයෙන්ම අවසන් වන බව ලිට්රෝ සමාගම පවසයි.
බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ගෑස් ලබාගැනීම සඳහා දැනට පවතින පෝළිම් හෙට උදෑසන වන විට අවසන් වනු ඇති බවත් මේ වන විට දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 120,000 ක් බවත් ලිට්රෝ සමාගම මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
ගෑස් හිඟය හේතුවෙන් දැඩි පීඩාවකට පත් වී සිටින කොළඹ 01 සිට 15 දක්වා පිහිටි සියලු මහල් නිවාස සංකීර්ණ සඳහා ගෑස් ලබාදීම කඩිනමින්ම අවසන් කරන බවත් ලිට්රෝ සමාගම කියයි.
මරදාන සහ දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීමකට අනුව දෙමටගොඩ සහ මරදාන ප්‍රදේශවල පිහිටි මහල් නිවාස සංකීර්ණ සඳහා අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පොලිස් ආරක්ෂාව යටතේ ලබා දීම ඊයේ (23) රාත්‍රියේ සිදු වී තිබේ.
එහිදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දහසකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇත. කොළඹ 07 මල්පාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණ සඳහා ද ගෑස් සිලින්ඩර් ලබාදීම අද දිනයේ සිදුකරන ලිට්රෝ සමාගම කියයි.
රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා, ධීවර කටයුතු සහ හෝටල් සඳහා ද ගෑස් ලබාදීමේදී ප්රමුඛත්වයක් ලබා දී ඇත.
දින 10 ක් සඳහා අවශ්‍ය ගෑස් තොග මේ වන විට ලිට්රෝ සමාගම සතුව ඇති බවත්, ගෑස් නැව් 03 ක් සඳහා අවශ්‍යවන ඩොලර් මිලියන 10 ක මුදලක් ද ඉකුත් සඳුදා පස්වරුවේ ලබාදී තිබෙන බවත් වාර්තා වේ.
නෙත් –







