කොළඹ වරායට පැමිණ ඇති ගෑස් නෞකාවලට මුදල් ගෙවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.
ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ගෑස් තොග ගොඩබෑම අද (17) සිට සිදුවන බවය.
ඩීසල් මෙට්‍රික් ටෝන එක් ලක්ෂ හතලිස් දහසක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් හැට දහසක් ඉදිරි සති දෙක තුළ දී මෙරටට ලැබෙන්නට ඇති බවත්, එම ඉන්ධන තොගය ඉදිරි දින 25ට ප්‍රමාණවත් බවත් ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාව ද ප්‍රකාශ කර ඇත.
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් වීරසිංහ ප්‍රකාශ කර තිබුණේ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැති බවය.







