බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රටේ මුල් පුටුවලට කපුකම් කරන ගමන් නීතිය වටේ යවා වැව් රක්ෂිතයේ හෝටල් හදන ඥානක්කා!

by editor
මාර්තු 13, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ප්‍රගීත් සම්පත් කරුණාතිලක –

  • අනුරාධපුර ගුවන්තොටුපල පාරේ ලේක් මොනාක් හෝටලය මෑතක දී කෝටි ගණනකට මිලදී අරන්…

  • හොටලයෙ නව ඉදිකරීම් කරලා තියෙන්නෙ හමුදාවෙන්… වැව් රක්ෂිතයේ කළ ඒ ඉදිකිරීම අනවසරයි…. නීති විරෝධීයී…   

  • නීතිමය පියවර ගෙන ඉදිකිරීම් තහනම් කළත් වැඩ නවතා නෑ… රාජ්‍ය නිලධාරීන්ව පයිසෙකට මායිම් නෑ…

  • කඩ පනහෙන් කෝටි ගාණක දේපල… නුවර වැවේ රක්ෂිතයේ කෝටි ගාණක හෝටලය… එංගලන්තෙත් දේපල තියනවලු…

  • රෝහලේ සුළු සේවිකාවකට මෙතරම් වත්කම් කොයින්ද?. කාටවත් උත්තර නෑ…

ප්‍රබල දේශපාලන බලධරයන්ගේ අතින් එසවූ දෝලාවල නැගගත් දේවාලවල කපු නෝනලාට අසීමිත දේශපාලන බලය ලැබෙන විට නීතිය නිහඬ කළ හැකි ද?. මෙම දේශපාලනි ක්‍රියාදාම රාමුවට මුවා වී මුදල් හා දේපොළ හම්බ කිරීමද මීට සමාන්තරව සිදු වෙයි. එවන් ක්‍රියාදාමයක් වාර්තා වන්නේ අනුරාධපුර නගරයෙනි. දේශපාලකයන්ගේ සාස්තර ගෙදර නමින් හඳුන්වන ඥානාමෑණියන්ගේ දේවාලය ඊට කදිම නිදසුනකි.  අනුරාධපුර ජනතාව අතර ඥානක්කා නමින් ප්‍රසිද්ධ මෙම සාස්තරකාරිය එහි ප්‍රධාන චරිතයයි. ඇය සාස්තර  සහ අනාවැකි කියමින් මෙරට දේශපාලකයින්ගේ සිත් දිනා ගන්නට දක්ෂය.

  • රතු නූල් කල්ලිය

රට කරවන මුල් අසුන්වල පටන් මැති ඇමැතිවරුන්,විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම ඇතැම් ප්‍රසිද්ධ නිලමේලා ද ඥානක්කාගේ  සාස්තර සාමාජිකයෝය.  තවත් පිරිසක් වන්නේ ව්‍යාපාරිකයින්‍ ය. උගත් බුද්ධිමත් විද්වත් ආචාර්ය මහාචාර්යවරු පවා මේ වෙන විට ඥානක්කාගේ සාමාජිකයින් වී හමාරය. එසේම තරුණ පිරිස් ද ඥානක්කාගේ සාමාජිකයින්ය. මේ අයව හඳුනා ගැනීම පහසුය. ඔවුන් අතේ රතු නූලක් බැඳ ඇත. එය ඥානක්කාගේ සාමාජිකයින් හඳුනා ගැනීමට ඇති සංකේතයකි.

ඥානක්කාගේ  සමහර අනාවැකි මේ වෙන විට ටක්කෙටම හරි ගොස් ඇත. එනිසා තනතුරු ආරක්ෂා කර ගැනීමට, කැබිනට් ඇමතිකමක්, සංස්ථා සභාපතිකමක්,වෙනත් උසස්වීමක් හෝ ව්‍යාපාර දියුණුවක් ගැනිම සඳහා බොහෝ පිරිස් ඥානක්කා සොයා ගෙන එති. මේ අය ඥානක්කාව හඳුන්වන්නේ ඥානා මැණියන් කියාය. වැඩේ හරි යන නිසා  බොහෝ දෙනක් ඥානාගේ දේවලය සොයා එන්නේ එහෙයිනි.

තමන්ට රටේ දෙවෙනි පුටුවට යන්න අවශ්‍ය යැයි කියා පැමිණි දේශපලකයෙකුට දෙවැනියා නොව පළමු වැනි පුටුවට  යා  හැකි බවට ඥානක්කා කී අනාවැකිය ටක්කෙටම හරි ගියේය. මේ විදියට ඥානක්කා බොහෝ දෙනෙකුට අනාවැකි කියා තනතුරු ලබා දී ඇත. ඇගෙන් තනතුරු ගත් සමහර දෙනා අද ද ඇය පසු පස යන්නේ ඒවා ආරක්ෂා කර ගැනීමටය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

නමුත්  ඇගේ අනාවැකි හා සාස්තර ටක්කෙටම හරි යන බව විශ්වාස කරන්නේ ඉහත කී පිරිස පමණි. අනුරාධපුර ජනතාව පවසන්නේ ඥානක්කාට අනාවැකි හෝ සාස්තර කීමට බැරි බවලු. කාලි මැණීයන්ගේ දේවාරූඪයෙන් සාස්තර කියන ඥානක්කා මේ වෙන විට ඉතා ප්‍රසිද්ධය. මේ නිසාම ඇයට දේශපාලන බලය නිල බලය ව්‍යාපාරයින්ගේ සහය නිරන්තරයෙන් ලැබෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙකු ඥානක්කා හමුවීමට පැමිණියේ කැබිනට් ඇමැතිකමක් ලබා ගැනීමේ අදහසිනි. මේ ඇමැතිකම ගැනීමට අදාළ මන්ත්‍රිවරයා කොපමණ තෑගි බෝග  දුන්නාද කියා අප දන්නේ නැත. නමුත් අනුරාධපුර ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් මේ මන්ත්‍රීවරයා ඇයට නිවසක් පවා තෑගි කළ බවය. අවසානයේ එම මන්ත්‍රිවරයාගේ කැබිනට් ඇමැතිකමද ගහලා ගියේය.

  • සාත්තර වරම ලැබෙන්න පෙර රෝහල් සුලු සේවිකාවක්!

ඥානක්කාට මෙතරම් මුදල් හෝ ධනයක් පෙර තිබුණේ නැත. ඇය අනුරාධපුර මහ රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවය කළ බව කියයි. ඉන් පසු රෝහලේ දුරකථන ක්‍රියාකාරිනිය ලෙස ද සේවය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඥානක්කාගේ සැමියා මිය යන්නේ 88-89 කාලයේදි බව අනුරාධපුර ජනතාව දන්නා කරුණකි. සැමියා මැරුවේ කවුද කියා තවම ඥානක්කාට සොයා ගැනීමට බැරි වූ බවද ඒ අය පෙන්වා දෙති. එවන් පසුබිමක සිට ඥානක්කා කියන සාස්තර සහ කරන ගුරුකම්වලින් පලක් වේද යන්න පිළිබඳව එම ජනතාව සැක පහළ කරයි. සැමියා මිය ගිය පසු ඥානක්කාට සාස්තර කීමේ වරමක් ලැබී ඇත. මුල් කාලයේදි ඉතා පොඩියට පටන්ගත් මෙම දේවාලය දියුණු වී ඇතු බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති.

  • හෝටලයේ ඉදිකිරීම් හමුදාවෙන්    

මෙලෙස ටිකෙන් ටික ගොඩ නැගෙන ඥානක්කා ගැන නිතර කතාබහට ලක්වෙයි. මෑතකදි කතා බහට ලක් වූයේ අනුරාධපුර ගුවන්තොටුපල පාරේ ලේක් මොනාක් හෝටලය මිලදී ගැනීමෙන් පසුවය. හෝටලය මිලදි ගැනීමෙන් පසුව එහි නඩත්තු කටයුතු සහ අලුත් ඉදිකිරීම් කළේ  යුද හමුදා නිලධාරීන් යොදාගෙන බව  ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. එසේම ඇය අනුරාධපුර කඩ 50න් කෝටි ගණනක් දී කඩයක් මිලදී ගෙන ඇති බව අනුරාධපුර මහ නගර සහාවද සහතික කරයි.

මෙලෙස ධන බලයෙන් ක්‍රියා කරන ඥානක්කාට මෙරට පමණක් නොව එංගලන්තයේද ව්‍යාපාර ඇති බව පසුගිය කාලයේ මාධ්‍ය හරහා වාර්තා විය. ඇයගේ පුතා එම ව්‍යාපාර බලා ගනිමින් එංගලන්තයේ සිට ඇත. මෙරට ව්‍යාපාර බලා ගන්නේ ඇයගේ බෑණා වන පන්තක ප්‍රනාන්දුය. ඔහු දැනට මෙම ව්‍යාපාර බලා ගන්නා අතර පසුගිය කාලයේ ඥානක්කාගේ පුතා වන අනුරුද්ධ ජයසූරිය ලංකාවට පැමිණ ව්‍යාපාර බලා ගන්නා බවද වාර්තා වෙයි.

ඥානක්කාගේ බෑණා වන පන්තක ප්‍රනාන්දු අනුරාධපුර ක්‍රිකට් ක්‍රිඩා සමාජයේ සභාපතිවරයා ද වෙයි. ඔහු රංගිරි දඹුලු ක්‍රිඩාංගනය ද බාරව කාලයක් සිටි බවට තොරතුරු තිබේ. පන්තකගේ පියා ඉංජිනේරුවරයෙක් වන අතර උත්පත්තියන්‍ම ධනවත්ය. පන්තක සමාජ සේවා වැඩවලට කැමති අයෙකි. අනුන්ට උපකාර කරන අයෙකු බවද ඔහුගේ හිතවෙතෙකු අපට කීය. ක්‍රිකට් වැඩවලදි පන්තක එම වැඩ යොදා ගන්නේද ඥානක්කාගේ හොටලයේ බව එම හිතවතා කීය.

කෙසේ වෙතත් අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඥානක්කා මිලදි ගත් හෝටලය බලාගන්නේ පන්තක බව ද ඔහුගේම හිතවත් අය කියති.

  • අනීතික ඉදිකිරීම්, හොර ඔප්පු සහ නීති විරෝධී හමුදා මෙහෙයුම්

මෙම හෝටලයේ ඉදිකිරීම් කිරීමේදි නීති උල්ලංඝනය කර ඇති බව ද වාර්තාවේ. අප මේ ගැන සොයා බැලීමකදි වාර්තා වූයේ හෝටලය ඉදිකර ඇත්තේ නුවර වැවේ රක්ෂිත කොටසේ බවය. එම කොටසට බලපත්‍රයක් හෝ ඔප්පුවක් නැති බවද කියැවෙයි. හෝටලයේ ඉදිරිපස කොටසට ඔප්පුවක් ඇති අතර එම ඔප්පුව ලබා ගත්තේ කෙසේද කියා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද නොදන්නා බව එහි ප්‍රකාශකයෙකු අපට කීය.

නුවර වැවේ රක්ෂිත කොටසේ හෝටලයේ පිහිනුම් තටාකය ඉදිකර ඇත. එතැන ගහක් ඇත. එහි පුටුවක් තබා ඇත. සවස් කාලයට නුවර වැවත් සමග රමණිය දර්ශනයක් දිස්වෙයි. මෙම පිහිනුම් තටාකය ඉදිකර ඇත්තේ infinity pool එකක් ලෙසිනි. එහි අනන්තයක් දැකිය නොහැකිය. එතරම් ලස්සන දසුනකි. මෙම පිහිනුම් තටාකයට බසින විට විසිවෙන ඉවත් වෙන ජලය එක්වන්නේ ද නුවර වැවටය. නුවර වැව සහ මෙම පිහිනුම් තටාකය එතරම් ආසන්නයේ රක්ෂිත කොටසේ ඉදිකර තිබේ. වැවේ වතුර ද පිහිනුම් තටාකයට එක්වෙයි. ආරක්ෂක හමුදා නිලධාරීන් යොදාගෙන එලෙස රක්ෂිතයක ඉදිකර ඇති මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බව අනුරාධපුර ජනතාව ද පෙන්වා දෙති.

 pool
රක්ෂිතයේ ඉදි වූ පිහිනුම් තටාකය…

එසේම මෙම  හෝටලය ඉදි කිරීමේදි තවත් වරදක් සිදු වී ඇති බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති. ඒ යුද හමුදාවේ නිලධාරීන් යොදා ගෙන පුද්ගලික ඉදිකිරීමක් කළ හැකිද යන කාරණයයි.

හමුදාවේ භට පිරිස් පුද්ගලික ඉදිකිරීම් සඳහා යොදා ගත නොහැකි බව මීට පෙර “ඉරිදා ලංකා“ පුවත්පත හරහා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකරුවෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් ද ප්‍රකාශ කොට තිබුණි. එහිදි කුමා හේරත්   පෙන්වා දී තිබුණේ යුද හමුදාවට රජයෙන් වැටුප් ගෙවන්නේ හමුදා රාජකාරි සහ රජයේ වැඩ සඳහා පමණක් බවය. එසේ නැතිව හමුදා සෙබළුන් යොදාගෙන පුද්ගලික වැඩ කිරිම බරපතල වරදක් බවද විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් පෙන්වා දී තිබුණි.

හමුදා සෙබළුන්ට පුද්ගලික ඉදිකිරීම් සඳහා එක් වීමට නීතියෙන් නොහැකි වුවත් ඥානක්කාගේ හෝටලය ඉදිකිරීමට විශාල භට පිරිසක් යොදවා තිබූ බව අනුරාධපුර ජනතාව කියති. එම භූමිය වටා විශාල තාප්පයක් ඉදිකර ඇත. එහි ඉදිරිපිට ආරක්ෂාවට හමුදා සෙබළුන් යොදවා සිටි බවද ගුවන් තොටුපොළ අසල ගැටේ හන්දියේ ජනතාව පවසති.

  • ඥානක්කා මේ වෙන විට කෝටිපති ව්‍යාපාරිකයෙක්… රජ වුණාට පස්සේ ආයි මොකටද රජ වෙන්නේ – අනුරාධපුර නගරාධිපති…

මේ ආකාරයට දේශපාලකයන්ගේ බලය හයිය උපයෝගි කරගෙන නැගී සිටින ඥානක්කා මේ වෙන විට අනුරාධපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් බවට පත්ව ඇත. මේ බව කියන්නේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී. සෝමදාසය. බලය ඇති තැන පවතින නීති නිහඬ කරන්නට ඥානක්කා සමත්වී ඇතිද යන්න සෝමදාස මහතාගෙන් විමසූ විට “ මහත්තයෝ කෙනෙක් රජ වුණාට පස්සෙ ආයි මොකටද රජ වෙන්නේ…“ යැයි ද නගරාධිපතිවරයා පැවසීය.

මේ ගැන අදහස් දක්වන නගරාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකි.

“නුවර වැව ඉස්මත්තේ ඉදිවෙන ඥානක්කාගේ හෝටලය ඉදි කර ඇත්තේ රක්ෂිතයේ බවත් හෝටලය කලින් ඉදි කළත් නව ඉදිකිරීම් සහ නඩත්තු ද මෙම රක්ෂිත කොටසේ ඉදිවෙන බවත් දැනගන්නට ලැබුණ බවය. මෙම ඉදිකිරීම් සඳහා අනුරාධපුර මහ නගර සභාවේ අනුමැතියක් ගෙන නැති බවද නගරාධිපතිවරයා කීය.

“අවසර ගෙන නැතිව කරනවා නම් එය අනවසර ඉදිකිරීමක්. නගර සැලැසුම අනුව නගර සභාවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සැලැසුම් දෙකක් ලබා දෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් දෙන සැලැසුම් ඒ අය දෙනවා. අපට මේ හෝටල් සැලැසුම ඇවිත් නෑ,“    නගරාධිපතිවරයා කීය. එසේම මෙම අනවසර ඉදිකිරීම නවතා දැමීමේ බලය ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවද නගරාධිපතිවරයා කියා සිටියි.

hotel
වැව් රක්ෂිතයේ ඇති හෝටලයේ ඉදිකිරීම්…
  • හෝටලය ඉදිකර තිබුණේ සැලැසුමක් අනුමත නොකර… සමහර රක්ෂිතවලට ස්වර්ණභූමි ඔප්පු තියෙනවා. – නැගෙනහිර නුවරගම් පළාත   ප්‍රාදේශීය සභාවේ සභාපති

එහෙත් මේ ගැන නැවත සොයා බැලීමේදී අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී.සෝමදාස මහතා කියා සිටියේ මෙම හෝටලය හදන කොටස අයිති වෙන්නේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට බවය. එනිසා එම සභාවෙන් තොරතුරු විමසන ලෙසය. ඒ අනුව අප  නැගෙනහිර නුවර ගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරදාස මහතාගෙන් ඥානක්කාගේ හෝටලයේ ඉදිකිරීමක් රක්ෂිත කොටසක ඉදිකර ඇත් ද? එය අනවසර ඉදිකිරීමක්දැයි විමසීමු.

එහිදි කුමාරදාස මහතා කියා සිටියේ මෙවැන්නකි.

“සැලැසුමක් නැතිව වැඩේ පටන් ගෙන තිබුණේ. ඉදිකිරීම් අනවසරයි කියා පැමිණිලි ආවා. අපි ගිහින් බලලා සැලැසුම සහ ඉඩමේ හිමිකම ගැන ෆයිල් එකක් දාන්න කියා වැඩ නතර කරලා ආවා. තාම ෆයිල් එක දාලා ද දන්නේ නෑ. අපි වැඩ නවත්තලා ආවට එයාල  ආයි වැඩ පටන් ගත්තාද දන්නෙත් නෑ. මේ ගැන ආණ්ඩුකාරවරයාටත් පැමිණිලි කළා. එතුමා කිව්වේ නීතිය හරියට කරන්න කියලා.

“නුවර වැව රක්ෂිත කොටසේ ඔය විදියට හෝටල් හදලා තියෙනවා. ඒවාට රක්ෂිත කොටස අයත් කියලා ඔප්පුත් හදාගෙන. කොහොම හදගෙනද දන්නේ නෑ. ප්‍රාදේශීය ලේකම් අත්සන් කළ ඔප්පු තියෙනවා. සමහර ඒවාට ජනාධිපතිවරු අත්සන් කළ ජයභුමි ස්වර්ණ භූමි ඔප්පු තියෙනවා. මිනිම්දෝරු සැලැසුම් තියෙනවා“. සභාපතිවරයා කියා සිටියේය.

“ජයභූමි ඔප්පු හැදෙන්නේ ග්‍රාම නිලධාරිවරයාගේ සිට එන ක්‍රියාදාමයක් හමුවේ. ඒත් මේවා කොහොම හදලද කියලා මම දන්නේ නැහැ.“ සභාපතිවරයා කියා සිටියි.

“මේවායේ ඉදිකිරීම් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. කල් පැනලා වැඩියි….“ යැයි ද සභාපතිවරයා පවසයි.

  • ඥානක්කාගේ හෝටලයේ කොටසක් වැව් රක්ෂිතයට අයිතියි… නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්

රක්ෂිත ඉඩම්වලට ඔප්පු තැනීම අනවසර ඉදිකිරීම් කිරීම ගැන අප නැගෙනහිර නුවර ගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායකගෙන්ද විමසා සිටියෙමු. එහිදි රුවන් මහතා කියා සිටියේ ඥානක්කාගේ හෝටලය ඉදිකර ඇති කොටසකට පමණක් ඔප්පුවක් ඇති බවය.

“ඒක පැරැණි පැවරීමක්. කොටසකට ඔප්පුවක් නෑ. රක්ෂිත කොටසට සින්නක්කර ඔප්පු දෙන්න බෑ. ඔප්පු දෙන්න මැනුම් කරන කොට රක්ෂිතය අහුවෙනවා. එතකොට ඔප්පු දෙන්න බෑ.   හෝටලය පිටුපසට යන කොටස රක්ෂිතයට හසුවෙනවා. ඒ නිසා ඒකට ඔප්පු දෙන්න බෑ. ඒක වාරිමාර්ග මැණුමක් අනුව තහවුරු වෙන්නේ. ඔප්පු හදාගෙන තිබුණත් එක නිත්‍යානුකූල නෑ. කවුරු හරි ඔප්පුවක් ඉල්ලුවොත් මැනුම කරන්නේ අපි. වාරිමාර්ග එක එයාලගේ නිර්දේශ දෙනවා  රක්ෂිත කොටස පෙන්නලා. ඒ අනුවයි ඔප්පුව දෙනවද නැද්ද කියා තීරණය වෙන්නේ…“ යැයි ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියි.

  • ඥානා ගේ හෝටලය අනවසර ඉදිකිරීමක් අපි නඩු දැම්මා...  අපි කියන දෙය මේ අය අහන්නේ නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

අපි මේ ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විමසු විට එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඥානක්කාගේ හෝටලයට නඩු පැවරීමට කටයුතු කර ඇති බවය. එතැන ඉඩම් දෙකක් ඇති බවත් එක් කොටසකට ඔප්පු ඇති බවත් අනෙක් කොටස නුවර වැව් රක්ෂිතයට අයත් බවත් එම නිලධාරියා තහවුරු කළේය.

නුවර වැව අවට තිබෙන එවැනි හෝටල් රැසකට මේ වෙන විට නඩු පැවරීමට කටයුතු කර ඇති බවද එම ප්‍රකාශකයා කීය. රක්ෂිත කොටස කියා නඩු පැවරීමට කටයුතු කළත් හෝටලයේ ඉදිවීම නවතා නැති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

“අපි ඒකට ඉදිකිරීම් නවත්වන්න කියා දැනුම් දුන්නා. පොලිසියට සහ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රදේශීය ලේකම්වරයා ද දැනුවත් කළා“   එම ප්‍රකාශකයා පවසයි.

“අනවසර ඉදිකිරීම් නවත්වන්න කියා නියෝග යවලා තියෙනවා. ඒකට එයාලා ඇහුම්කන් දෙන්නේ නැත්නම් බලෙන් කරනවා නම් වාරිමාර්ග ආඥා පනත යටතේ නඩු පවරනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තමයි අපේ නිසි ඉඩම් බලධාරියා. එතුමගේ තීන්දුව අනුව නැවත මේ අයගෙන් රක්ෂිත කොටසේ අයිතිය පෙනවන්න කියනවා. ඒක පෙන්වන්න අපොහොසත් වුණොත් නීතිපතිවරයා වෙත යොමු කොට නඩු පවරනවා. නමුත් නුවර වැව අවට රක්ෂිත කොටසේ ඔප්පු ලබා දී ඇත්තේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් හෝ නිර්දේශයකින් තොරවයි…“  එම ප්‍රකාශකයා කියා සිටියේය.

  • වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් පිළිතුරු දීම මග හරියි… අපට තනිවම මේවා නතර කරන්න බෑ… අනික් අයගේ සහය ඕන– වාරිමාර්ග නිලධාරියෙක් කියයි…

අප මේ ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකුගෙන් මේ ගැන විමසන ලෙසය. අප අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකුගෙන් මේ ගැන විමසීමකදී කියා සිටියේ නඩු කටයුතු සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවය.

රක්ෂිත කොටසේ ද ඥානක්කාගේ හෝටලය ඉදිකර ඇති බවද එම නිලධාරියා තහවුරු කළේය.

“රක්ෂිතයක හෝටල් හැදුවොත් අනිවාර්යයෙන්ම සන්තකය ආපසු ගැනීමේ පනතයටතේ නීතිය ක්‍රියාත්මක කරලා ඒවා ඉවත් කරනවා…“ යැයි එම නිලධාරියා කීය.

“මේවා කරන්න පරක්කු වෙන්නේ පවතින නීතිවල ඇති අඩුපාඩු නිසා“   එම නිලධාරියා පෙන්වා දුන්නේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පමණක් මෙම කටයුතු කළ නොහැකි අතර අනෙක් ආයතනවල සහයද ඊට ලැබිය යුතු බව එම නිලධාරියා කියා සිටියේය.

  • හොර ඔප්පු හදපු අයට සහ අනවසර ඉදිකිරීම්වලට නඩු දාන්න වාරිමාර්ගයට පුලුවන් – අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්

ඉන්පසු අප මේ සියලු කාරණා ගැන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගෙන්ද විමසීමක් කළෙමු. එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ වාරිමාර්ග රක්ෂිත කොටසක කවුරු හෝ අනවසරයෙන් ඉදිකිරීමක් කරනවා නම් එය නතර කිරීමේ බලය ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවය. එසේම එම ඉඩම් සඳහා වැරැදි ලෙස බලපත්‍ර හෝ ඔප්පු ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ලබා දී ඇත්නම් ඊටද නීතිමය පියවර ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලය ඇති බවය.

“වැරැදි ඔප්පු දුන්න අයයි, ඉදිකළ අයයි දෙකොටසම නීතිය ක්‍රියාත්මක කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කළ හැකියි…“   දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

  • හෝටලය අයිති මස්සිනාට… මම ඔය ගැන දන්නෙත් නෑ. හෝටලයට යන්නෙත් නෑ – ඥානක්කාගේ බෑණා පන්තක කියයි

ඥානක්කාගේ හෝටලය අනවසර ඉදිකිරීමක් මෙන්ම රක්ෂිත කොටසේ ඉදිකර ඇති බවට එන චෝදනා සහ අනුරාධපුර ජනතාව කියන කතා ගැන ද අප ඥානක්කාගේ බෑණා වන පන්තක ප්‍රන්නාදුගෙන්ද විමසීමක් කළෙමු. එහිදි පන්තක කියා සිටියේ තමන් එම කතා ගැන කිසිවක් නොදන්නා බවය.

හෝටලය අයිති ඥානක්කාගේ පුතාවන සිය මස්සිනාට බවත් ඔහු එංගලන්තයේ සිට පැමිණි ඇති බවත් පන්තක කීය. තමන් හෝටලය ගැන දන්නේ නැති බවත් හෝටලය ගැන බලන්නේ නැති බවත්  පන්තක කියා සිටියේය.

ඉන්පසු පන්තක මේ ගැන විස්තර සිය මස්සිනා වන අනුරුද්ධ ජයසූරියගෙන් ලබා ගන්නා ලෙස කියා 0713 68**** දුරකථන අංකයද ලබා දුන්නේය. එම දුරකථන අංකය හිමි අනුරුද්ධ ජයසූරියට අප ගත්තද ඉන් ප්‍රතිචාරක් නොවීය.

අප ඥානක්කා ගැන කියැවෙන කාරණා දැන ගැනීමට අවශ්‍ය යැයි කියු විට පන්තක සිය නැන්දම්මාගේ දුරකථන අංකය ද ලබා දුන්නේය. ඒ අනුව අප 071408***** අංකයට කිහිප සැරයක්ම ගත් නමුත් ඊට ද ප්‍රතිචාරයක් නැති විය.

යුද හමුදාවේ ඉංජිනේරු බළකාය යොදා ගනිමින් පුද්ගලික ඉදිකිරීමක් කළ හැකිද යන්න අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් ජංගම දුරකථනය ඔස්සේ සහ ස්ථාවර දුරකථනය ඔස්සේ විමසීමක් කළ ද ඊට ද ප්‍රතිචාරයක් නොවීය.

( ඉරිදා ලංකාදීප පුවත්පතින් උපුටාගෙන පල කරමු )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවම බස් ගාස්තුව රුපියල් 30ක් විය යුතුයි… සහන නැතිනම් සඳුදා සිට පුද්ගලික බස් නෑ… බස් සංගම්

Next Post

ඉන්දීය ධීවර කොල්ලයේ හානි පූර්ණයට ඉන්දියාවෙන් උතුරේ ධීවරයන් වෙත  සහන මල්ලක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.