සිපෙට්කෝ ඉන්දන මිල ඉහළ ගියහොත් අවම බස් ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි.
ඉන්ධන මිල ඉහළ යන්නේ නම් රජය බස් කර්මාන්තයට යම් සහනයක් ලබා දිය යුතු බවත් එසේ නොවන්නේ නම් ජනතාවට කිසිදු සහනයක් ලබා දිය නොහැකි වනු ඇතැයි සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි
ලංගම පිරවුම්හල් මගින් ඉන්ධන ලබා දීමට පියවර ගත්තද මේ වන විට ඒවායේද ඉන්ධන හිඟවෙමින් පවතින බව ඔහු පෙන්වාදේ.
මෙහි සිට මැරි මැරි ඉපදනවාට වඩා ගිවිසුමක් ගසා යුක්රේනයට ගොස් වෙඩි කා මැරීම හොඳ බවද ඔහු අද (11) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.







