දිනසේන රතුගමගේ –
ඉන්දීය බැතිමතුන්ට සහභාගිත්වය තහනම් කරමින් හා ශ්‍රී ලංකාවේ බැතිමතුන් ඉතා සීමිත පිරිසකට පමණක් අවසර දෙමින් කච්චතීව් ශාන්ත අන්තෝනි මුනුදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය හෙට ( 11 ) සහ අනිද්දා ( 12 )යන දිනවලදී පැවැත්වෙන බව යාපනය දිසාපති මහේසන් කනපතිපිල්ලේ අද පැවසීය.
කච්චතීව් වාර්ෂික මංගල්ලය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට නාවික හමුදාව විසින් සපයා අවසන් කොට තිබේ.
මෙවර ගෙන ඇති තීරණ නිසා කච්චතීව් දූපතේ වාර්ෂික මංගල්ලයත් සමගම ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ධීවර සංගම් නියෝජිතයින් අතර පැවැත්වෙන සාකච්ඡාවද නොපැවැත්වේ.







