මනම්පිටිය නිමල් ජයරත්න –
මහ රෑ බීමත්ව නිරුවතින් පැමිණ දිඹුලාගල පැළෑටියාවේ මෙහෙණි ආරාමයට පහරදී දේපලවලට හානි කිරීම සම්බන්ධව සිදුකර ලද පැමිණිල්ලකට අනුව සොහොයුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට අද උදේ (08) එම සැකකාර පුද්ගලයන් විසින් උණුවතුර ගසා ඇති බවත් ධරුණු පිලිස්සුම් තුවාල සහිතව එම කොස්තාපල්වරයා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් මනම්පිටිය පොලිසිය කියයි.
දිඹුලාගල පැළෑටියාව සුනේත්‍රාරාම මෙහෙණි ආරාමයේ මෙහෙණින් වහන්සේ විසින් ඊයේ (07) තම ආරාමයට බීමත්ව නිරුවතින් පැමිණි දෙදෙනකු ආරාමයේ දේපළවලට බරපතළ හානි සිදුකර ඇති බවට මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව හා ක්‍රියාත්මක වූ පොලිසිය එම සැක සැකකරුවන් අත් අත් අඩංගුවට ගැනීමට යාමේදී සැලසුම් සහගතව නිවස තුළ රත්කර තිබූ උණුවතුරෙන් පොලිස් කොස්තාපල්වරයාට ප්‍රහාරයක් එල්ල කොට ඇති බවද පරීක්ෂණයේදී සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ මගුල්දමන පැළෑටියාවේ පදිංචි අවුරුදු 35, 37, වයසේ පසුවන අයියා, මලෝ, දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන 08 වෙනිදා සවස මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර සහෝදරයන් දෙදෙනා දැඩි ලෙස හෙරොයින් සහ ගංජාවලට ඇබ්බැහි වූ පුද්ගලයන් දෙදෙනකු බවට හඳුනාගෙන ඇති බවද පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඕශාන් හේවාවිතාරණ ගේ උපදෙස්මත වැලිකන්ද සහකාර පොලිස් අධිකාරී ශානක ද සිල්වා ගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි







