මේ කඩවසම් යුක්‍රේන තරුණයා ස්විටොස්ලාව් ෆර්සින්ය. දෙව් දුවක රූ ඇති තරුණිය යරිනා අරියිවා ය. මේ අලුත විවාපත් යුවලකි. ඔවුන්ගේ විවාහය සිද්ධ වන්නේ රුසියාව ඔවුන්ගේ රට ආක්‍රමණය කර පැය කීපයකට පසුය.

අඹු සැමියන් ලෙස මධුසමය ගත කිරීමේ නිස්කාංසුවක් ඔවුන් දෙපළට තිබුණේ නැත. උපන් රට ආරක්ෂා කරගැනීමේ මහා වගකීම ඔවුන් අභියසය. ස්විටොස්ලොව් සහ යරීනා ස්වේච්ඡා සෙබලුන්ගෙන් සමන්විත යුක්රේන සන්නද්ධ හමුදාවන්හි ශාඛාවක් වන භෞමික ආරක්ෂක බලකා මූලස්ථානයට ගියහ. එහි ස්වේච්ඡා භටයන් ලෙස ලියාපදිංචි වුනහ. මේ අවි දරා සිටින්නේ ඒ ස්වෙච්ඡා සෙබල අඹුසැමි යුවලය.
“මේ මොහොතේ අපි මෙහි ඉන්නවා. අපට කළ හැකි සෑම දෙයක්ම අපේ මව්බිම වෙනුවෙන් අපි කරමින් ඉන්නවා. සියල්ල හොඳින් වනු ඇතැයි සමා බලාපොරොත්තු වෙනවා, ” රයිෆලයක් අත දරාගෙන සිටින යරීනා පැවසුවාය.
යුක්‍රේනය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවේ කොටසක් නොවන සිවිල් වැසියන්ට රයිෆල් ලබා දී තිබුණ බව ඇය කීවාය.
(සීඑන්එන්)







