ගාල්ල නගරයේ අලංකරණයට බාධාවන අයුරින් මාගාල්ල දෙවට වෙරළ තීරයේ සහ ජාකොටුව වැල්ලේ ඇති අනවසර මාළු වෙළඳසැල ඉවත් කිරීම අද(14) ආරම්භ කරනු ලැබීය.
ගාල්ල මහ නගර සභාව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම අනවසර මාළු වෙළඳ සැල් ඉවත් කිරීමසිදු කරනු ලැබිණි.දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මාළු වෙළඳසැල ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කළ අතර දෙවට වෙරළ තීරයේ සහ ජාකොටුව වැල්ලේ අනවසර මාළු වෙළඳ සැල් 23ක් ඉවත් කිරීමට කටයුතු කරන බැව්ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු පැවසිය.
එම මාළු වෙළඳුන් සදහා විකල්ප ස්ථාන ලබා දීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.