බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසාවි නියෝග නොතකා හෙද වර්ජනය කළොත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්ලෑන් බී එකක්

by Lanka Sara Editor
පෙබරවාරි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණයට ගරු කරමින් සමන් රත්නප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය එම ආකාරයෙන්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව මෙම දින කිහිපයේ ජනතාව විඳි පීඩාවන් හා අපහසුතාවයන් නතර වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළකර සිටී.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාට හා එම සංගමයට එරෙහිව කොළඹ දිසා අධිකරණය අද (10) නිකුත් කළ වාරණ නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

නීතිමය කරුණු සොයා බලා රටෙහි පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන නීතිමය රාමුව තුළ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇතැයිද එමගින් අධිකරණය මේ සම්බන්ධව කරුණු විමසීමෙන් පසු මෙම වාරණ නියෝගය නිකුත් කර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් යම් කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පැවැත්වුවා. කරුණු 07 ක් මුල් කරගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට යාම පිළිබඳව සඳහන් කිරීමෙන් අනතුරුවද අප සාකච්ඡා ලබා දුන්නා. එම කරුණු පිළිබඳව ඉතාමත් උවමනාවෙන් අප සලකා බැලීමට සූදානම් යන පදනම තුළ සිට සාකච්ඡා පවත්වනු ලැබුවා. එහි සඳහන් කරුණු 07 න් කරුණු දෙක තුනක් අපට විසඳා ගැනීමට හැකි කරුණුයි. තවත් කරුණු දෙකක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධ කර ගතයුතු කරුණුය. එමෙන්ම අනෙක් කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු ඒවාය. ඒ පිළිබඳව අපි සුහද සාකච්ඡාවක් පැවැත්වුවා.

විශේෂයෙන් වසර දෙකක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා කරන ලද කැපකිරීම් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවාව අපගේ විශිෂ්ට ඇගයීමට ලක්වෙනවා. මේ අතරතුර රටේ සාමානය පරිපාලනයට ඉස්මතුවී ඇති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉතාමත් සාධනීයව, ධනාත්මක ලෙස යම් කිසි අඩුපාඩුවක් ඇත්නම් ඒවා නිවැරදි කරමින් ක්‍රියා කළයුතු ආකාරය පිලිබඳව වෘත්තීය සමිති සමග අප දීර්ඝ ලෙස සාකච්චා කරනු ලැබුවා. නමුත් ඉන්පසුවද ඔවුන් අඛණ්ඩ වර්ජනයට යන බව ප්‍රකාශ කළා.

විශේෂයෙන් සෞඛ්‍ය සේවාවේ සැවොම මෙන්ම වෘත්තීය සමිති සමග අප ඉතා සුහදව කටයුතු කරනු ලබනවා. එහෙත් අවාසනාවකට දේශපාලන වුවමනාකම් හා දේශපාලන පසුබිම් හේතු කරගෙන කරනු ලබන කාරණා වලදී සමාන්‍ය තත්වයකට එහාගිය ස්වරූපයක් පෙනෙනවා.

පෞද්ගලික අංශයේ කිසිදු සහනයක් ගත නොහැකි දුර බැහැර සිට මුදල් ගෙවා රෝහල් කරා පැමිණෙන ජනතාව මෙන්ම ශල්‍යකර්ම වලදී ජීවිත අවදානමකට රෝගීන් ලක්වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අපට නිහඩව බලා සිටිය නොහැකියි. ඒ අනුව අප රටේ නීතිමය රාමුව තුල සිට මේ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගයන්ට එළඹෙනු ලබනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රසායනික පොහොර ඇනවුම් නෑ… එළඹෙන යල කන්නයත් විනාසයි!

Next Post

ඇෆ්ගන් ළමුන් ලක්ෂ 10ක් මන්දපෝෂණයෙන් මියයාමේ අවදානමක

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.