දිනසේන රතුගමගේ –
ජාතික නිදහස් දිනයට විරෝධය පලකරමින් කලු කොඩි රැගෙන මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පෙළපාලී ගිය පිරිසක් පිළිබඳව කොළඹ පොලිස් මුලස්ථානයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මෙවැනි විරෝධතාවයක් පැවැත්වෙන බවට මුලතිව් පොලීසියට තොරතුරු ලැබී තිබුණු අතර ඒ පිළිබඳව විස්තරද මුලතිව් පොලීසිය විසින් කොළඹට දැණුම් දී තිබුණි.

විශාල පිරිසක් කලු කොඩි රැගෙන සටන් පාට කියමි මුලතිව් මුල්ලිවයික්කාල් ස්මාරකය අභියාට පැමිණ එහිදී පහන් දල්වා තිබේ.
මුලතිව් පොලීසියේ නිලධාරීන් විසින් එම පිරිස් වළක්වා ලීමට උත්සාහ කළද ඔවුන් පොලිසි නිලධාරීන්ගේ අණ නොතකා විරෝධතාවය දියත් කොට පහන් දල්වා තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සදහා කොළඹ පොලිස් මුලස්ථානයේ නිලධාරීන් පිරිසක් මුලතිව් ප්‍රදේශයට පැමිණ තිබේ.







