ලතා මංගේෂ්කාර්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඇගේ සොහොයුරිය, ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ අද සවස මාධ්‍යවේදීන් අමතමින් පැවසුවාය.
පසුගිය මාසයේ සිට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙමින් සිටියාය.
ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඇගේ සොහොයුරිය, ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ අද සවස මාධ්‍යවේදීන් අමතමින් පවසන්නේ ඒ පසුබිමේදී ය.
“ඇය දැන් ස්ථාවර බව වෛද්‍යවරයා පවසනවා. ” ඇය පැවසුවාය.
ඊයේ (04) ඇය ප්‍රතිකාර ගනිමින් සිටින බ්‍රීච් කැන්ඩි රෝහලේ වෛද්‍යවරයාගේ ප්‍රකාශයකට අනුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී තිබිණි.
“ ලතා මංගේෂ්කාර්ගේ තත්ත්වය යළිත් නරක අතට හැරී තිබෙනවා. ඇයට කෘත්‍රිම ස්වසනය ලබා දෙනවා. ඇය පසුවන්නේ අසාධ්‍ය තත්ත්වයෙන් ,” බ්‍රීච් කැන්ඩි රෝහලේ වෛද්‍ය ප්‍රතිත් සම්ධානි කීවේ එසේය.
ඇය දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් නිරීක්‍ෂණයේ පසුවන බවත් ඔහු පැවසීය. ඇය පසුගිය සතියේ සිට වෙන්ටිලේටරයේ පසු වී ඇත. 92 හැවිරිදි මංගේෂ්කාර් කොවිඩ් වැළඳීමෙන් පසු ජනවාරි මුල් සතියේ බ්‍රීච් කැන්ඩි රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවාය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රතිත් පැවසුවේ, “අපි ඇයට ප්‍රතිකාර කරනවා. ඇයගේ තත්ත්වය අසාධ්‍ය නමුත් ඇය ප්‍රතිකාර ඉවසමින් ප්‍රතිචාර දක්වනවා.” ලෙසය.
92 හැවිරිදි ලතා මංගේෂ්කාර් ජනවාරි 11 වන දින කොවිඩ් -19 ආසාදිත බව තහවුරු වූ පසු රෝහල්ගත කරනු ලැබුවාය.
ඉන්දියාවේ නයිටිංගේල් ලෙස හැඳින්වෙන ඇය ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත රත්නයෙන් පිදුම් ලැබුවාය.
(ඉන්දියන් එක්ස්ප්‍රස්)









