කොවිඩ් වසංගතය හමුවේ වසා දැමීමට තීරණය කර තිබු රාත්‍රී සමාජශාල විවෘත කිරිමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා මෙතෙක් කිසිදු අවසර ලබා දී නොමැති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි සඳහන් කරයි.
මේ වන විට සමාජශාලා විවෘත කර ඇත්නම් ඒවා නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියට බවත් වෛද්‍ය විජේමුණි මහතා පෙන්වාදේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝණය කරමින් කිසියම් සමාජශාලාවක් විවෘත කර ඇති බවට කොළඹ මහ නගර සභාවට කවුරුන් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් ශ්‍රී ලංකා පොලීසිය හා ඒකාබද්ධව එය වැටලීමට කොළඹ මහ නගර සභාව ක්‍රියා කරන බවද හෙතෙම පැවසීය.
රාත්‍රී සමාජශාලාවන් තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි ලෙස ක්‍රියාත්මක නොව බවද වෛද්‍ය වීජේමුණි පෙන්වා දෙයි.







