බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි දිනවල විදුලි කප්පාදුවක් නෑ – නාස්ති කරලා කපාගන්න එපා

by Lanka Sara Editor
ජනවාරි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හෙටින් ආරම්භ වන පෙබරවාරී මාසය තුල විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බැවින් පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබෙව බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ ජනවාරි 25 වන දින සිට පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලිකප්පාදුවක් අවශ්‍ය වන බවයි.

මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට කල යෝජනාවෙන් පසුව අපි බලාගාරවල තත්වය හා ඉන්ධන සැපයුම පිළිබද අඛණ්ඩව සමාලෝචනය කලා. විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන නිසා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අවසර දුන්නේ නැ. යෝජිත විදුලි කප්පාදුව කලා නම් සමස්ත ආර්ථිකයට සිදුවිය හැකිව තිබු පාඩුව රුපියල් බිලියන 31ක් පමණ වනවා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

විදුලි කප්පාදුව වැලැක්වු නිසා මේ රුපියල් බිලියන 31ක අපිට ඉතිරි කරගන්න හැකි වුණා. එළඹෙන පෙබරවාරි මාසය ආරම්භයේදී ද විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබාදිය හැකි බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම ලබන මාසයේදී උසස් පෙල විභාග ආරම්භ වීමට නියමිතයි. මේ විභාගය සාර්ථකව පැවත්වීම සදහා බාධාවකින් තොරව විදුලිය සැපයිය යුතුය.

අලුත්වැඩියාවට ලක් වෙමින් තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ 3න් වන ඒ්කකය මේ වන විට ජනන කටයුතු ආරම්භකර තිබෙනවා. ඒ් වගේම පහුගියදා නඩත්තු කටයුතු සදහා පද්ධතියෙන් ඉවත් කර තිබු සොජිට්ස් බලාගාරයේ මෙගාවොට් 130ක් නැවත ජනන කටයුතු ආරම්භ කරනවා පෙබරවාරි 2 වැනිදා. මේ නිසා විදුලි සැපයුම අඛන්ඩව පවත්වාගෙන යාමට හැකි බව තහවුරු වී තිබෙනවා.”

මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොර තෙල් ලැබී පිරිපහදු කටයුතු ආරම්භ වී ඇති හෙයින් ඉන්ධන බලාගාර සදහා අවශ්‍ය ඉන්ධන තොග ඉදිරියේදී ලැබෙන බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කළේය.

“පිරිපහදුවේ අතුරු ඵල වශයෙන් දැවි තෙල් හා නැෆ්තා නිෂ්පාදනය වනවා. සපුගස්කන්ද, කලම්බු බාජ්, වෙස්ට්කෝස්ට්, උතුරු ජනනී වැනි මෙගා වොට් 495 ක පමණ බලාගාර සදහා දැවි තෙල් අවශ්‍ය වනවා. දැනට ලැබී ඇති බොර තෙල් පිරිපහදු කටයුතුවලින් නිෂ්පාදනය වන දැවි තෙල්වලින් මෙගා වොට් 495ක් දින 13ක පමණ කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ් වගේ නිෂ්පාදනය වන නැෆ්තා ප්‍රමාණයෙන් මෙගා වොට් 150ක බලාගාරයක් .දින 5ක කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්”

විදුලි සැපයුම පිළිබද අභියෝගයක් එල්ල වී ඇති මෙවැනි අවස්ථාවන්හිදි එය කළමනාකරණය කර ගැනීම සදහා විදුලි පාරිභෝගිකයාගේ සහාය අත්‍යවශ්‍ය බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

මේ පිළිබද පැහැදිලිකල කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා..
“විදුලි පහන් සීමා කිරීම, වායු සමීකරණ යන්ත්‍ර භාවිතය අරපිරිමැස්මෙන් කිරීම, වීථි ලාම්පු දැල්වෙන කාලය සීමා කිරීම වැනි පාරිභෝගික සහාය ඇතිව කල හැකි දැඩි සංරක්ෂණ ක්‍රියාමාර්ගයක් අපි යෝජනා කලා. අපේ ගණන් බැලීම් අනුව මේ පියවරයන් මගින් පමණක් අපිට දිනකට ගිගා වොට් පැය 3.7ක ප්‍රමාණයක් ඉතිරි කර හැකියි. එසේ කළ හොත් මෙගා වොට් 150ක ඉන්ධන බලාගාරයක් පැය 24 කට අක්‍රිය කළ හැකි ය. මේ අවස්ථාවේදී විදුලි සංරක්ෂණය සදහා සහාය වීම විදුලි පාරිභෝගිකයාගේ වගකීමක්.

අපි ඉල්ලා සිටිනවා සියලු විදුලි පාරිභෝගිකයින්ගෙන් තමන්ට හැකි උපරිම ආකාරයෙන් විදුලි සංරක්ෂණය සදහා සහාය වන ලෙස. මෙවැනි අවස්ථාවක විදුලිය නාස්තිකාර ලෙස භාවිත කළහොත් අවසාන විසදුම විදුලි කප්පාදුවක් වෙන්න පුළුවන්.”

මෙගා වොට් 300ක පමණ ධාරිතාවයක් රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සතු විදුලි ජනන යන්ත්‍ර හරහා සපයාගැනීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ් පිළිබද අදහස් පල කල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“ අපිට ක්ෂණිකව විදුලිය සපයාගත එක් ක්‍රමයක් තමයි විවිධ ආයතන සතු මෙවැනි විදුලි ජනන යන්ත්‍ර. මේ වන විට මෙගා වොට් 100ක හිමිකරුවන් සමග අපි සාකච්ඡා කලා. මේ සතියේදී තවත් කණ්ඩායමක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ලබන මාසය අවසන් වීමට පෙර මෙගා වොට් 300ක පමණ ධාරිතාවයක් රාජ්‍ය හා පුද්ගලික ආයතන සතු විදුලි ජනක යන්ත්‍රවලින් සපයාගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවලට එළඹීමට හැකි වේ යැයි අපි විශ්වාස කරනවා.” යැයි ද සභාපතිවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන රජයෙන් විදෙස් මාධ්‍යවේදීන් බියගැන්වීම් ඉහළට – මූලාශ්‍රවලටත් බලපෑම්

Next Post

නිහාල් නෙල්සන්ට කොවිඩ්….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.