බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඊයේ ගම්පහ සමුළුවට කුණු බිත්තර ගැසූ කතාවේ මුල මැද අග විජිත හෙළි කරයි!

by editor
ජනවාරි 31, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

ඊයේ කලගෙඩිහේන ගම්පහ දිස්ත්‍රික් සමුළුවට කුණු බිත්තර ප්‍රහාර එල්ල කළ මැර කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාර්ඩ් සමාගම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශයට පත් කලේය.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී  පැවැත් වූ මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රචාරක ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙම බිත්තර ප්‍රහාරය මෙන්ම මින් පෙර පිටකොටුවේ දී එල්ල වුණු මැර ප්‍රහාරය පසුපසත් සිටින්නේ නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාර්ඩ් සමාගම බවය.

ඔහු මාධ්‍ය හමුව අමතා සියල්ල හෙළි කරනු ලැබුවේ මෙසේය.

“ඊයේ (30) කලගෙඩිහේන පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පවත්වනු ලැබුවා. සමුළුව පැවැත්වීමට විනාඩි කිහිපයකට කලින් ශාලා භූමියට ඇතුළුවන ගේට්ටුව අසලදී මැර කණ්ඩායමක් විසින් ඉතාම නිර්ලජ්ජිත ප්‍රහාරයක් දියත් කළා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඇවන්ගාර්ඩ් මැරයො

ඒ වනවිට අනුර දිසානායක සහෝදරයා ඇතුළු සියලු ආරාධිතයන් ශාලාවට ඇතුල්වී අවසන් වී තිබුණා. මෙම මැර පිරිස ගේට්ටුව අසල කලබලකාරී තත්වයක් ඇතිකර ශාලාව දෙසට බිත්තරවලින් දමා ගසා තිබෙනවා. මෙම පිරිස  මෙහෙයවූ අයගේ උත්සාහය වී තිබෙන්නේ මෙය සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වූ ප්‍රහාරයක් ලෙස පෙන්වා දීමයි.

පසුගිය දිනවල පිටකොටුවේදීත් මෙවැනිම සිදුවීමක් අපි දැක්කා. තෙල් ටැංකි විකිණීමට එරෙහි ගිවිසුමට එරෙහිව අප විසින් පවත්වන ලද විරෝධතා පා ගමනේදී සංවිධානාත්මක කිහිප දෙනෙක් පැමිණ මේ ආකාරයේ සිදුවීමක් ඇතිකර තිබුණා.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් එතැන සිටි අය විසින් අල්ලා අප වෙත බාර දී තිබුණා. ඉන්පසු ඔවුන් දෙදෙනා පොලීසියට බාරදී තිබුණා. ඔවුන් කිරීමට උත්සාහ කළ දේ ඡායාරූප සහ වීඩියෝ ගත වී තිබෙනවා. මේ සිද්ධියේදී අල්ලා ගන්නා ලද දෙදෙනා ඔවුන් ත්‍රීරෝද රථ, වෑන් රථවලින් එහි පැමිණි බව ප්‍රකාශ කර තිබෙනවා.

එක මැරයෙක් නම් වෙනස් කරගෙන

ඔවුන්ගෙන් එක් අයෙක් මහගෙදර විජය ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ගැටලුව වන්නේ ඔහු  තමන්ගේ නම වෙනස් කළ අයෙක් වීමයි. ඔහු 2010 නොවැම්බර් 30වැනිදා තමන්ගේ නම වෙනස් කර තිබෙනවා. ඔහුගේ කලින් නම ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර. ඔහු නම වෙනස් කර ඇත්තේ මෙවැනි ආකාරයේ අපරාධවලට සම්බන්ධ වී සිටීම නිසා යැයි අපට සැක කළ හැකියි.

අනෙක් පුද්ගලයා ආනන්ද බණ්ඩාර. ඔහු මන්චි ආයතනයේ සේවය කරන ගමන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක සේවය කරනවා. මොවුන් දෙදෙනාම පෞද්ගලික ආරක්‍ෂක සේවයකට සම්බන්ධ වන බව ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. ඔවුන් ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවයේ නිලඇඳුම් ඇඳගෙන සිටීමෙන් මේ බව තහවුරු වෙනවා.

මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇවන්ගාඩ් ආයතනයෙන් බව මෙම ඡායාරූපය සනාත කරනවා. එසේම ඔවුන් සිදුකරන ප්‍රකාශවලදී මේ බව පිළිගෙන තිබෙනවා. තමන් හමුදාවේ විශ්‍රාමිකයින් බවත් ඔවුන් පිළිගන්නවා.

මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ ඇවන්ගාඩ් වුවමනාව මතයි. පිටකොටුවේ බිත්තර ගැසීමේ සිදුවීම පිටුපසත් සිටින්නේ ඔවුනුයි.

ඇවන්ගාර්ඩ් මැර කණ්ඩායම් දෙක

මෙම කණ්ඩායමේ අසිත, අබේරත්න, අනිල් නිශ්සංක, සංජීව පෙරේරා, ගෝමස්, රණවීර, ප්‍රීති කුමාර, රාජකරුණා, නිරෝෂන්, රූපසිංහ, අධිකාරි, කාරියවසම්, ජයසිංහ යන අය පිටකොටුව ප්‍රහාරයට පැමිණ තිබෙනවා.

කලගෙඩිහේන ප්‍රහාරයට අසිත, අබේරත්න, අනිල් නිශාන්ත, බණ්ඩාර, වසන්ත, මුණසිංහ, සම්පත්, එම්.ආර්., රූපසිංහ, ගෝමස්, අධිකාරී, ප්‍රීති කුමාර, නිරෝෂන්, චමින්ද යන අය පැමිණ තිබෙනවා. මෙම කණ්ඩායම් දෙකම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් ආයතනය විසින් බව ඉතාම පැහැදිලියි.

ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතියි. ඔහු ගෝටාභය ජනාධිපතිවරයාගේ සමීපතම මිත්‍රයෙක්. ඔහු නිතර ජනාධිපතිවරයා මුණගැසෙනවා. මෙම ප්‍රහාරයන් දෙකම දේශපාලන වුවමනා මත මෙහෙයවූ බව පැහැදිලි වෙනවා. ඇවන්ගාඩ් ආයතනයේ සේවය කරන අය කුලී ගෙවමින් මෙයට යෙදවූ බව හසුවූ  දෙදෙනා විසින් කරන  ලද ප්‍රකාශවලින්ම හෙළිවෙනවා. මෙම කොන්ත්‍රාත්තුවට රුපියල් 5000ක් ගෙවූ බව ඔවුන්  කියනවා. ඔවුන් මෙතනට හේතුවක් නැතුව ආවේ නැහැ.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට අපි අවධාරණය කරන්නේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව අප සමග ගැටෙන්නට එන ලෙසයි. මේ රට ගොඩනැගීම පිළිබඳව ඕනෑම ප්‍රතිපත්තිමය සංවාදයකට අපි සූදානම්. එසේ නැතුව මෙවැනි ආකාරයේ පහත් නින්දිත  ක්‍රියාමාර්ගවලින් අප සමග හැප්පෙන්නට නොඑන ලෙස අවධාරණය කරනවා. මෙවැනි සිදුවීම්වලින් වෙන්නේ ආණ්ඩුව ජනතාව අතර තව තවත් අප්‍රසාදයට ලක්වීම පමණයි.

මෙවැනි නින්දිත සිදුවීම්වලින් අපි, අපේ සාමාජිකයන්, අපේ ආධාරකරුවන් තව තවත් ධෛර්යමත් වෙනවා. ගෝඨාභය මහත්මයාට දේශපාලනය බින්දුවක් හරි තේරෙනවානම් මෙවැනි පහත් නීච ක්‍රියාවලින් සිදුවන දෙය තේරුම් ගත යුතුයි.

මෙවැනි නින්දිත ක්‍රියා නතර කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. ජාතික ජන බලවේගය ලෙස අපි ඉදිරියට යද්දී අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාට හෝ අපගේ ඕනෑම සහෝදරයෙකුගේ ජීවිතයට යම් අනතුරක් ඇති කළොත් ඊට වගකිව යුත්තේ මොවුන් බව මෙම සිදුවීම්වලින් ඉතාම පැහැදිලියි. මේ අවදානමත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.

මෙය කාගේ වුවමනාවට සිදුවු දෙයක්ද යන්න මුළු ලෝකයම දන්නවා. එක් පුද්ගලයෙක් ප්‍රසන්න රණතුංගගෙන් ඕනෑ දෙයක් කර ගත හැකි යැයි තමන්ට කී බව කියනවා. මේ සිද්ධිය පිටුපස දේශපාලනය ඉතාම පැහැදිලියි.

දැන් වගකීම ඇත්තේ ජනාධිපතිවරයා අතයි. මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් ඉල්ලනවා.

ආණ්ඩුව එසේ නොකරන්නේනම් මේ ආණ්ඩුව පලවා හැර එසේ කිරීමේ වගකීම ජනතාව බාරගනීවි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීයට තුනක් ගත්තු ජ.වි.පෙ.ට බිත්තර ගහන දෙකයි පනහෙ වැඩ කරන්න උවමනාවක් නෑ! – ඇමති ප්‍රසන්න

Next Post

සතොසේ පොල්  75යි.. එක් අයෙකුට පොල් ගෙඩි 05යි. වෙළෙඳ ඇමති කියයි!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.