කොවිඩ් වසංගතය සමාජගත වූයේ මීට දින ගණනාවකට පෙර බවත් මේ වන විට එය සුනාමියක් ලෙස වේගයෙන් පැතිරයමින් තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක කියයි.
පැතිර යමින් ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය කිසියම් දුරකට ගමන් කර නැවත පසුබසිනු ඇති බවට විශ්වාස කළ හැකි නමුත් මෙය කෙසේ සිදුවන්නේද යන්න අපි බලා සිටිමු යැයිද විශේෂඥවරයා කියයි.
කොළඹ ජාතික රෝහල තුළ කොවිඩ් ආසාදිත වූවන් දිනෙන් දින වැඩි වන නමුත් රෝහල්ගත වන ආසාදිතයින්ගෙන් සැලකිය යුතු පිරිසක් කිසියම් බෝනොවන රෝගයකින් පෙළෙන බවද හෙතෙම කියයි.
මේ වන විට පැතිර යන ඔමික්‍රෝන් වයිරසයෙන් බොහෝ දුරට රෝග ලක්ෂණයන් පෙන්නුම් නොකරන බැවින් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් පරික්ෂාවන්ට යොමු නොවී සමාජය පුරා රෝගය පතුරුවාහැරීමට කටයුතු කරන බව විශේෂඥවරයා පෙන්වාදේ.





