දිනසේන රතුගමගේ –
යාපනයේ කර්වේලී ප්රදේශයේ අනවසරයෙන් වැලි කපා ටැක්ටරයකින් ප්රවාහනය කරමින් සිටි පිරිසකගේ ටැක්ටරයට යුද හමුදා හට පිරිසක් විසින් වෙඩි තබා රියදුරුව 25 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ස්ථානයේ අනවසරයෙන් වැලිකපන බවට ලද තොරතුරක් මත යුද හමුදාව එහි යන විට වැලි කපා ට්රැක්ටරයකින් ඒවා ප්රවාහනය කරමින් සිට ඇත.
වැලි රැගෙන යන පිරිසට නවතින ලෙස යුද හමුදාව නියෝග කොට ඇතත් වැලි පටවා ගත් ට්රැක්ටරය නොනවත්වාම ධාවනය කරවීම නිසා ඊට වෙඩි තබා එය නතර කරගෙන තිබේ.
මේ අවස්ථාවේදී ටැක්ටරයේ රියදුරු යුද හමුදාවට බාර වී ඇති අතර අනෙක් පිරිස කැළයකට පලා ගොස් තිබේ.
යුද හමුදා භාරයට පතවූ ට්රැක්ටරය හා රියදුරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය කොඩිගාමම් පොලීසිය වෙත බාර දී තිබේ.
සැකකරුව චාවකච්චේරී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර කොඩිගාමම් පොලීසිය හා යුද හමුදාව සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.







