ඇමරිකානු ගුවන් යානා හාරක නෞකා තුනක් තායිවානයට නුදුරුව රැදී සිටිය දී චීන ගුවන් යානා තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කිරීමත් හේතුවෙන් කලාපයේ උණුසුම් තත්වයක් වර්ධනය වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යූඑස්එස් කාල් වින්සන් සහ යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් යන ගුවන් යානා හාරක නෞකා මේ වනවිට පිලිපීන මුහුදේ රදවා ඇති අතර යූඑස්එස් රොනල්ඩ් රේගන් ගුවන් යානා හාරක නෞකාව ජපාන මුහුදට පැමිණ සිටියි.
තවත් ඇමරිකානු යාත්‍රා ගණනාවක් මැරයින් භටයන් විශාල පිරිසක් ද සමග ජපානයට පැමිණ සිටින අතර ඔවුන් ජපන් ආරක්ෂක අංශ සමග එක්ව ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරතවීමට සූදානම් වේ.
එම වාතාවරණය තුළ මෙසේ චීන ප්‍රහාරක යානා ඇතුළු යුද ගුවන් යානා 39 ක් තායිවාන ගුවන් සීමාව උල්ලංඝණය කර ඇති අතර එය පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව එතරම් විශාල චීන ගුවන් යානා සංඛ්‍යාවක් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කළ අවස්ථාවයි.







