කෝවිඩ් වංසගතය හේතුවෙන් ලෝකයේ දුප්පත් සහ පොහොසත් භේදය හෙවත් ඇති නැති පරතරය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුවේ විශේෂඥයෝ පිරිසක් පෙන්වා දෙති.
ඔවුන්ට අනුව කෝවිඩ් වසංගතය ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගේ ආදායම විශාල වශයෙන් ඉහළ නැංවීමට සමත්ව වුවද ලෝක ජන සංඛ්‍යාවෙන් සියයට අනූ නවයකගේ පමණ ආදායම පහළ දැමීමට හේතුවී තිබේ.
ආසියානු රටවල් අතරේ මෙම ඇති නැති පරතරය වැඩිවීමේ ගැටලුවට දැඩි ලෙස මුහුණ දී ඇත්තේ චීනය,ජපානය සහ තායිලන්තය වැනි රටවල් බව ද එම විශේෂඥ කණ්ඩායම අනාවරණය කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදය සහ ලතින් ඇමරිකාව සමග සසදන විට ආසියාවේ තත්වය තරමක් සතුටුදායක වුවත් යුරෝපා රටවල් සමග සැසැදීමේදී එම තත්වය බෙහෙවින් අසතුටුදායක බව විශේෂඥ නිරීක්ෂණයයි.
එම තත්වය වෙනස් කිරීම සදහා ලෝකයේ සියලු ආණ්ඩු වහා අවධානය යොමු කළ යුතුව ඇති බවත් ඒ සදහා විවිධ ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇති කළ යුතු බවත් එම විශේෂඥයන් සදහන් කර තිබේ.







