ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අද දිනයේ විදුලි කප්පාදු නොකිරීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මීට සුළු මොහොතකට පෙර තහවුරු කළ බව ඩේලි මිරර් වාර්තා කරයි.
ලොකුගේ කියා සිටියේ වත්මන් විදුලි අර්බුදය විසඳීමට ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී විසඳුමකට පැමිණි බවයි.
අද දහවල් විදුලිබලමණ්ඩලය කලාප හතරකට බෙදා සවස 5.30 සිට රට පුරා පැයක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබිණි. ඊයේ සැලැස්ම ඉදිරිපත් කර ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ද රැගෙන තිබිණ.
මෙහි දී අද දින ඛාණ්ඩ 04කට බෙදා විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර තිබුණේ මෙසේය.
A ඛාණ්ඩය: පැය 17:30 සිට 18:30 දක්වා
B කාණ්ඩය: පැය 18:30 සිට 19:30 දක්වා
C කාණ්ඩය: පැය 19:30 සිට 20:30 දක්වා
D කාණ්ඩය: පැය 20:30 සිට 21:30 දක්වා
කියවන්න…