ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස වාහන භාවිතය සීමා කිරීම සඳහා වූ විශේෂ යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ජනතාවගේ ගමන් බිමන් වැඩිවීම හේතුවෙන් අධික ඉන්ධන භාවිතයක් සිදුවන බවත් ඒ සඳහා විකල්ප සෙවිය යුතු බවත් ඔහු කැබිනට් මණ්ඩලය වෙත පෙන්වා දී ඇත.
- ඉන්ධන මිල සූත්‍රය වහාම ක්‍රියාත්මක කිරීම
- කොළඹට එන වාහන සීමා කිරීම
- සතියකට එක් දිනක් පාසල් පැවැත්වීම වීඩියෝ තාක්ෂණය මගින් සිදු කිරීම
- වාහන තදබදය අඩු කිරීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වෙලාවන්වලට සිදු කිරීම
- රාජ්‍ය ආයතනවල රැස්වීම් සාකච්ඡා සඳහා නිලධාරීන් කැඳවීම සීමා කිරීම
- ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමාකර එම සාකච්ඡා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම
යන යෝජනා හරහා වාහන භාවිතය අවම කිරීම සඳහා ඇමතිවරයා විසින් යෝජනා කර ඇතැයි පැවසේ. එමෙන්ම කර්මාන්තශාලාවට අවශ්‍ය බල ශක්තිය පුනර්ජනනීය බලශක්තිය මගින් ලබාගැනීමට කර්මාන්තකරුවන් දිරිගැන්වීම ද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය තුළ වේ.
රටේ ප්‍රවාහනය ප්‍රමුඛ මූලික පරිභෝජනය සඳහා අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් මසකට ඩොලර් මිලියන 400ක් වැයවන බවත්, විදුලිබල උත්පාදනය වෙනුවෙන් ලබා ඉන්ධන ලබාදීමට තවත් ඩොලර් මිලියන 50ක් මාසිකව වැය වන බවත් මේ මෙහොතේ එය ඉතාම අර්බුදකාරී තත්ත්වයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.







