බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ලෝකය දිනන දරුවෙක් හදන්න දැනගත යුතු කරුණු 20ක්

by editor
ජූලි 24, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා-
එෂාමා කාරියකරවන –

ලෝකයේම වෙසෙන දරුවන් සහ වැඩිහිටියන් සමරනු ලබන්නේ එකම දිනකය. සෑම වසරකම ඔක්තෝබර් පළමුවනදාට එම දිනය යෙදෙයි. දරුවනුත් වැඩිහිටියනුත් එකම දිනයක සැමරීමේ අපූර්වත්වයක් තිබේ. සෑම වැඩිහිටියකුම කළෙක දරුවකු වී සිටියේය. එසේම සෑම දරුවකුම දිනක වැඩිහිටියකු බවට පත්වේ.

දශක දෙක තුනකට පෙර ළමා කාලයේදී මේ තරම් වෛවර්ණ විසිතුරු සෙල්ලම් බඩු, විසිතුරු පත පොත, පෑන් පැන්සල් තිබුණේ නැත. එහෙත් බොහෝ නිර්මාණශීලී සෙල්ලම් භාණ්ඩ දරුවෝ පරිසරය ඇසුරෙන් නිපදවා ගත්හ. එපමණක් නොව මේ තරම් විශාල විෂය නිර්දේශ, ගෙදර වැඩ, ටියුෂන්, තිබුණේද නැත. දරුවෝ උදය වරුවේ පාසල් ගොස්  සවස් වරුවේ මිතුරන් සමග අඳුර වැටෙන තුරු කෙළි සෙල්ලම් කළහ. දරුවන්ට තිබූ සීමිත සම්පත් පවුලේ සිටින අනෙකුත් සහෝදර සහෝදරියන් සමග බෙදාහදා ගැනීම කළ යුතු විණි. අඩුපාඩු තිබුණද ළමයකුට ළමයකු වී සිටීමේ නිදහස සමග සරල ප්‍රීතිමත් ලෝකයක් එකළ දරුවන්ට තිබුණී.  වර්තමානයේ දරුවන්ට, දරුවකුව නිදහස්ව ප්‍රීතියෙන් සිටීමේ නිදහස අඩුවී ඇත.

වර්තමාන දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයකට සමබර ජීවිත නැත. ඔවුන්ගේ දවසින් වැඩි ප්‍රමාණයක් ගෙවෙන්නේ අධ්‍යාපනයටය. පාසැලෙන් ටියුෂන් පංතියටත් එතැනින් ගෙදරටත් එන දරුවා පාසැලෙන් සහ ටියුෂන් පංතියෙන් දෙන ගෙදර වැඩ කළ යුතුය. අධ්‍යාපනයටම අධිකව වෙහෙසුනත් දරුවාට උගන්නා දේ  නැවත ආවර්ජනය කර බැලීමට වේලාවක් නැත. බාලාංශයේ පටන් සමහර විට පෙර පාසැලේ පටන් දරුවන්ගේ තත්වය මෙයම වේ.

දරුවකු අනාගතයේ මව්පියන් ප්‍රාර්ථනා කරන දරුවා බවට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුම දේ ඔහුට ලබාදීම මව්පිය වගකීමකි. අධ්‍යාපනය යනු ඒ සුදුසු දේ අතරින් එකක් පමණි. පහත කරුණූ පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් මව්පියන්ටත්, දරුවාටත්, සමාජයටත් මහත් යහපතක් අර්ථයක් සිදු වෙයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

  • දරුවා යනු කුඩා වැඩිහිටියකු නොවන බව පළමුවෙන්ම මව්පියවරු තේරුම් ගැනීම වැදගත්ය.
  • දරුවාගේ කායික මානසික ක්‍රියාවලිය සැකසී ඇත්තේ ඔහුගේ වයසට අනුරූපවය. යම් දෙයක් සම්බන්ධව මව්පියන් දකින සිතන ආකාරයෙන් දැකීමේ සිතීමේ හැකියාව දරුවාට නැත. ඒ දෙය ඔහු දකින්නේ ඔහුගේ වයස, අත්දැකීම් සහ බුද්ධි ප්‍රමාණය අනුවය.
  • එමනිසා මව්පියන් ඔහුගේ අදහස් වලට ඉතා හොඳින් සවන් දිය යුතුය. ඔහු පවුලේ ඉතා වැදගත් සාමාජිකයකු බව නිතර ඇඟවෙන පරිදි පිළිගැනීම ලබා දිය යුතුය.
  • දරුවාට ආමන්ත්‍රණය කරද්දී ආදරය පිරුණු හැඟීමකින් ඔහුගේ සිත පිනා යන අයුරින් ඔබට ඇමතිය හැකි නම් ඕනෑම දරුවකු ඔබට අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකිය.
  • දරුවාට දඬුවම් කිරීමේදී ඔහු කළ වරදේ ප්‍රමාණයට දඬුවම් දීමට වගබලා ගන්න. දරුවාට අපහාසාත්මක අයුරින් කතා කිරීම, පහරදීම, ප්‍රසිද්ධියේ අවමාන කිරීම, අන් අය සමග දරුවාගේ වැරදි කතා කිරීම සහ ඔවුන් සමග එකතුව දරුවා හෑල්ලුවට ලක්කිරීම මගින් කිසිදිනක දරුවකු උසස් පුරවැසියකු කළ නොහැකි බව මව්පියන් තේරුම් ගත යුතුය.
  • සෑම දරුවකුම එක සමාන බුද්ධියකින් කුසලතාවයකින් යුක්ත නොවන බැවින් තම දරුවාගේ බුද්ධියට කුසලතාවයන්ට ගැලපෙන ඉලක්ක වෙත ඔහු යොමු කිරීමට මව්පියන් සැලකිලිමත්විය යුතුය.
  • ක්‍රීඩා හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් දරුවාගේ ජීවිතය සමබර කිරීමට, ස්වසංකල්පය ධනාත්මක කර පෞරුෂවත් කිරීමට බලපෑම් කරන බැවින් දවසේ සැලකිය යුතු කාලයක් ඔහුට සමවයස් කාණ්ඩ සමග ක්‍රීඩා කිරීමට ඉඩ සළසා දීම වැදගත්ය.
  • කුඩා දරුවන් අනවශ්‍ය ලෙස ටියුෂන් වලට යොමු කිරීම, ශිෂ්‍යත්ව විභාගය සඳහා දැඩිලෙස වසර ගණන් වෙහෙස කිරීම නොකළ යුතුය. හැකිතරම් ක්‍රීඩා කිරීම, සාමූහික ක්‍රීඩා වල යෙදවීම. පත පොත කියවීමට උනන්දු කිරීම ඉතා වැදගත් බව වටහා ගන්න.
  • වයස 10 ට අඩු දරුවන් සඳහා රූපවාහිනිය, අන්තර්ජාලය, ජංගම දුරකථන සමග ගණුදෙනු කිරීම හැකි තරම් සීමා කිරීම වැදගත්ය..
  • දරුවන් ඉල්ලන සියලු අඩුපාඩු ඉල්ලූ සැනින් දරුවා බලාපොරොත්තු වන ආකාරයටත් වඩා ඉහළින් ඉටුකිරීම නොකළ යුතුය. හොඳ දේවල් වෙනුවෙන් ඔහුට බලා සිටින්නට පුරුදු කළ යුතුය. එම ඉල්ලීම් වෙනුවෙන් මව්පියන් වැය කරන මුදල් ඉතා දුක් මහන්සියෙන් උපයාගත් දේ බව ඔහුට දැනෙන්නට ඉඩ හැරිය යුතුය.
  • ඔහුගේ වයසට ගැලපෙන ප්‍රමාණයෙන් ඔහුගේ කටයුතු කරගැනීමට ඔහුව පුරුදු කළ යුතුය. නියමිත කාල සටහනකට වැඩ කිරීමට ඔහුව යොමු කළ යුතුය. නමුත් එම කාල සටහනේ ආකාරයෙන් සෑම දිනකම කටයුතු සිදුවේයැයි බලාපොරොත්තු නොවිය යුතුය. එසේම කාල සටහනෙන් පිට කාර්යයක් හදිසියේ යෙදුනහොත් ඒ සඳහා ප්‍රමුඛතාව දිය යුතුය.
  • සත්‍යවාදීබව, බෙදා හදා ගැනීම, කරුණාවන්තකම, ත්‍යාගශීලිත්වය, අනෙක් අය කෙරෙහි ගෞරව සම්පන්න බව, ආචාරශීලී බව, ශික්ෂණය, ඔහුට ඉතාම මුදු මොළොක් ආකාරයෙන් කුඩා කළ සිටම පුරුදු පුහුණූ කිරීමට අම්මාගේ කැපවීම ඉතා වැදගත්ය. මේ සඳහා මව්පිය වැඩිහිටියන්ගේ ආදර්ශ ඉතා වැදගත්ය.
  • දරුවන් ආශ්‍රය කරන යහළුවන් පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් මව්පියන් සතුවිය. යුතුය.
  • ආගම දහම මෙම සමාජයේදීඉතා වැදගත් බැවින් දරුවාට තම දහමේ දර්ශනය ඉගෙන ගැනීම සඳහා ඉඩපහසුකම් සපයා දීම වැදගත්ය
  • දරුවා කැමති ක්ෂේත්‍රයකින් ඔහුට අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබා දිය යුතුය.
  • ඔහුගේ විනෝදාංශවලට අවබෝධයකින් යුතුව ඉඩ ලබා දිය යුතුය. සැමවිටම ඔහුට වගකීම් සහ යුතුකම් පිළිබඳව වටහා දිය යුතු වේ. ඔබ වගකීම් යුතුකම් ඉටුකරන අන්දම ඔහුට දකින්නට ඉඩ හරින්න.
  • දරුවන් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ සමවයස් කණ්ඩායම් සමග හැසිරීමටය. එය මව්පියන් ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව මව්පියන් අවබෝධ කරගත යුතුය.
  • නව යොවුන් වියේ සිටින දරුවන් තම අනන්‍යතාවය සොයන තමාගේ රූපය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන, කුතුහළය පිරි ඒ නිසාම සෑම දෙයක්ම අත්හදා බැලීමට කැමති පිරිසක් බැවින් මේ කාලය තුළ දරුවාට නොදැනෙන්නට දරුවා පිළිබඳව සොයා බැලීම වැදගත්ය.
  • සෑම තත්පරයකදීම පාඩම් කරන දරුවකු බලාපොරොත්තු නොවිය යුතුය. ජීවිතයේ අනෙකුත් අභියෝගයන්ට මුහුණු දෙන වෙනත් වෙනත් අංශ කෙරෙහිද උනන්දු වන නිවසේ කටයුතු වලට සහය දෙන සහයෝගී දරුවකු වන්නට මව්පියන් සහය විය යුතුය.

දරුවා මෙලොව සිටින වටිනාම ජීවියා වේ. ඔහුගේ ළමා කාලය සුන්දර වූ තරමට , ප්‍රීතිමත් වූ තරමට , මිහිරි මතකයන්ගෙන් පිරුණු තරමට ඔහුගේ වැඩිහිටි විය ඉහළ පෞරුෂයකින් යුතු වේ.

එමනිසා සෑම විටම දරුවා සතුටින් ක්‍රියාශීලීව තැබීමටත් වගකීම් සහ යුතුකම් අතරේ හැසිරවීමටත් උත්සහ කරන්න. දරුවකුට සතුටින් සිටීමට මව්පියන් ධනවත්වීම කිසිසේත් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මව්පියන්ගේ නිසි ආදරය , ගෞරවය සහ ආරක්ෂාව පමණි.

ඔබ එය ලබා දෙන තරමට ඔබේ දරුවා ලෝකය ජයගනු ඇත.

Share69Tweet43
Previous Post

කොවිඩ් පාලන සටන නැවත ඇරඹීමට සූදානම්… ජනපති තුමනි මැදිහත් වන්න…

Next Post

ආරක්ෂක මණ්ඩලේ සතියකට වරක් ඉල්ලුවත් මෛත්‍රි-රනිල් දුන්නේ මසකට වරක්

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.