නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසියට සහභාගී වූ සිවු දෙනෙක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම හඳුනාගැනීම සිදුවී ඇත්තේ ඊයේ එම අවස්ථාවට එක්වූ සියලුම දෙනා ආවරණය වන ආකාරයට සිදුකළ ක්ෂණික ප්රතිහේද පරීක්ෂණවලදී ය.
ආසාදිතයන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බවත්, හඳුනා ගැනුණු සිවුදෙනා වන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක්, පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදියෙක්, නර්තන කණ්ඩායමක ශිල්පියෙක් සහ තවත් පුද්ගලයෙකි.
ජානධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මෙම උත්සවය පාර්ලිමේන්තුවේ දී පවත්වනු ලැබිණි.







