ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතු සෞඛ්‍යකාර්ය මණඩලයේ කිසිවෙකුත් නිරෝධායනයට ලක්කිරීමට අවශ්‍ය නොවන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කරයි.
IDH රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා අද (24) උදෑසන 10.00 ට පමණ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරෝධායනට ලක් කළ යුතුබවට පැතිර ගිය තොරතුරු අනුව ලංකාසාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසුමකදී ඔහු මේ බව සඳහන් කළේය.
රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් දුරස්ථභාවය තබා ගනිමින් ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටි බැවින් නිරෝධායනට යොමු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසිය.
කෙසේ නමුත් එම පුද්ගලයා රෝහල වෙත පැමිණීයැයි කියන ත්‍රීරෝද රථ රියදුරා සෙවීමේ කටයුතු මේ වන විටත් ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇතැයිද පැවසේ.
මෙම පුද්ගලයාව IDH රෝහලෙන් ගිලන්රථයක් පැමිණ රැගෙන යන ලදි.