අයිස් මත්ද්‍රව්‍ය සමග පුත්තලමේදී අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා දින තුනක් රදවාගෙන වමර්ශණය කිරීමට පොලිසිය කළ ඉල්ලීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට රැදවුම් නියෝගයක් පෙරේදා (23) ලද බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බව කියන එම සුරාබදු නියාමකවරයාව පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසිනි.
ඔහු සන්තකයේ තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් ද සොයා ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.