බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නල්ලමලේ “අහවල් දැක්ම“ සොහොන් කළ ආණ්ඩුවේ පොහොර හොරු…

by editor
ජනවාරි 7, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

සුසන්ත අමර බන්දු –

  • හොරකම් කළ යුරියා පොහොර මිටියක් රුපියල් 35000යි…

  • සල්ලි බැඳ වෙන් කළ පොහොර තොග පිල්ලි ගිය නිසා බඩ බඩඉරිඟු වගා බිම්   අක්කර සිය ගණනක් විනාසයි…  

  • සල්ලිත් නෑ… වගාවත් විනාසයි… නීතියෙන් බේරුණත් මේ හොර නඩයට සොබා දහමෙන් බේරෙන්නට බැරි බව ගොවීන් කියයි…

පොහොර නැතුව රටෙහිම ගොවිතැන ප්‍රශ්නයකය. වෙනදා    බරට පීදි බිමට නැමී සාර සොබාවට දක්නට තිබුණ කෙත් යායවල් පෙනෙමින් ඇත්තේ කෙඩෑරි වුණු ගිය  තුත්තිරි ලෙසිනි.

රටම මරණය අසලය. ඒ මරණය දකිමින් මේ රටේ වගකිවයුතු ලොකු කුඩා හැම එකෙක්ම හොරා කන අයුරු අපි දුටුවෙමු. නැනෝ පොහොර ගෙන්වූ ඇමති දෙකට්ටුවේ සිට පහළම ගොවිජන සේවා නිලධාරීයා කෘෂිකර්ම පරීක්ෂක නිලධාරියා දක්වා ගොවීන්ට දෙන පොහොර ටිකෙන් ජාවාරම් කිරීමේ කාලකණ්ණිකම හෙට අනිද්දාට සාගත සුනාමියක් වී රට කණපිට හරවන්නට නියමිතය.

මේ මිනිස්සු කියන කතාව වචනයක අඩුපාඩුවක් නැතිව ලියා තබන්නේ ඒ මහා ව්‍යසනයට පෙරය.

කතාව දමනින් පටන් ගන්නට සිතේ. අම්පාර  දමන ඒකාබද්ධ බඩ ඉරිඟු ගොවි සංවිධානයේ කැඳවුම්කරු .කේ.එම්. ආරියරත්නය. අත කණ කර උකස් තබා බඩඉරගු වගාව වෙනුවෙන් යූරියා පොහොර සඳහා මුදල් බඳිනු ලැබූ ගොවීන්ට මුදලත් වගාවත් දෙකම අහිමි කළ තුච්ච පොහොර හොරකම ගැන ඔහු කියන කතාව මෙතැන් සිට වචනයක අඩුවකින් තොරව ලියා තබමු.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කේ.එම්. ආරියරත්න

“ගිය කන්නයේ  ප්‍රදේශයේ ගොවීන් හෙක්ටෙයාර 7000ක් පමණ බඩඉරිඟු වගා කළා . නමුත් මෙම කන්නයේ හෙක්ටයාර 3000 කට ආසන්න ප්‍රමාණයක් තමයි බඩ ඉරිගු වගා කළේ. සියඹලාණ්ඩුව  වැනි ප්‍රද්ශවලත් ඉඩා  අඩුවෙන් තමයි  බඩ ඉරිඟු වගා කළේ.“

“පසුගිය කන්නේ පොහොර ඉතුරු කරගෙන සිටි 10%ක් වගේ පිරිසක් මේ පාර මුලින්ම ඉරිඟු වගා කළා. අනිත් කට්ටිය  වගාවන් අත් ඇරියා.“

  • හොරකම් කළ පොහොර මිටිය 35000යි

පස්සේ නිලධාරීන්ගේ උපදෙස්  දුන්නා බඩඉරිඟු වලට යූරියා පොහොර මිටියක් රුපියල් 6500ට දෙනවා කියලා. ඒක නිසා ගොවීන් 6500ක් බැඳලා වගා කරන්න ගත්තා. අපේ රත්නභූමි ගොවි සංවිධානය පොහොර මිටි 206කට සල්ලි බැන්දා.  අපිට පලමු පාර මිටි 65 ක් ලැබුණා. ඊට පස්සේ  මිටි 72ක්  ලැබුණා. තව මිටි 70ක් තාම  ලැබුණේ නෑ. “

“ අපේ ගොවිජන සේවා කොට්ඨාසයේ ගොවීන් පොහොර මිටි 2000කට සල්ලි බැන්දා.  ආවේ 1600යි. ඒවායින් කොටසක්  හොර පාරෙන් ගිහින් තියෙනවා. වගාවට දැන් මාස එකහමාරයි. දින 35ක් ඇතුළත පොහොර  තුන් පාරක් වගාවට   යොදන්න ඕනෑ.  මිනිස්සු කණකර   උකස් කරලා තමයි සල්ලි බැන්දේ. ලැබිච්ච පොහොරත්  නිළධාරීන් තමන්ගේ හිතවතුන්ට තමයි   දුන්නෙ.  මේ වෙනවිට අක්කරපත්තුව, කල්මුණේ, සමන්තුරේ   ප්‍රදේශවල  යුරියා පොහොර මිටියක් රුපියල් 35000 , 36000 වැනි මිළකට විකුණනවා.

අපට සැකයක් තියනවා. අපි සල්ලි බැඳපු අපට ලැබෙන්න තිබ්බ   පොහොර ඔවුන්      අක්කරපත්තුව , සමන්තුරේ  පැත්තට  විකුණුවා. සමන්තුරේ මිනිස්සු අපට මෙහෙම කියනවා.

“අපේ අය ඔය පැත්තෙන් පොහොර අරන් ගියා. තව ගන්න තියෙනවා නම් කියන්න“

  • පල්ලන්ඔයෙන් යෝජනා කළ   පොහොර පගාව

පල්ලන්ඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරියා මේ හොරකමේ මුලින්ම ඉන්නවා. එයා, එයාගේ හිතවත් අය දාලා  ගොවි සංවිධාන චෞර වළල්ලක් හදා ගත්තා.     හොර ලිස්ට් හදලා   තමන්ට ඕන විදියට පොහොර  දුන්නා.

මම යි තව කිහිප දෙනෙක් ගිහින් සංවර්ධන නිලධාරි වරයාට මේ ගැන කථා කළාම ඔයා පාඩුවේ ඉන්න… ඔයාට පොහොර මිටි 20ක් දෙන්නම් කියාලා කිව්වා. මම කිවා මගේ ගොවියන්ව මම පාවලා දෙන්නෙ නෑ කියලා. වාඩි වෙලා හිටපු පුටුවට පයින් ගහලා මම ආවා.  අපිට පොහොර මිටි 70 තාම දූන්නේ නැ. මගේ අක්කර 10 ඉරිගු වගාවත් ගන්න දෙයක් නැහැ.

  • අපි අයිති ඉන්දියාවෙ ගොවිජනසේවා එකට ද?

අම්පාරේ පොහොර බෙදාදීම පිළිබඳව පුළුල් විමර්ශනයක්  සි.අයිඩියෙන්  කළ  යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ සමගම පොහොර ගැන අපි අම්පාර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරියට  දැනුම් දුන්නා. ඇය කියනවා බඩ ඉරිඟු ගොවීන් එයාලට අයිති නෑ කියලා . එහෙනම් නිලධාරීන් ඇවිල්ලා අපිට යුරියා පොහොර දෙන්නං කියල සල්ලි අරගෙන බිල් දුන්නේ ඇයි. අපි අක්කර බදු ගෙවලා තියෙනවා. අපි අම්පාර ගොවිජන ආයතනයට අයිති නැති නම්   අපි අයිති ඉන්දියාවේ  ගොවිජන සේවා එකටද ?  මේ පාර අම්පාර ගොවිතැනේ ඉතුරු ටිකත් පාලු කළේ මේ පොහොර හොරු. උන්ට දඬුවම් කරන ගමන් වගා හානි වුණු මිනිස්සුන්ට වන්දියක් දෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මුං නීතයෙන් බේරෙයි. හැබැයි සහගහනවා…“ අම්පාර  දමන ඒකාබද්ධ බඩ ඉරිඟු ගොවි සංවිධානයේ කැඳවුම්කරු .කේ.එම්. ආරියරත්නගේ කතාව වචනයක් නෑර ඔබට කීවෙමු.

සක්නද සංවිධානයේ සභාපති නාමල්තලාව ශෛලබිම්බාරාමධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමියන්ය. අත කණ කර උකස්කර ලබා ගත් මුදල බැඳ වෙන්කරගත් රසායනික පොහොර ටික හොරකම් කළ පසු බඩඉරීගු  ගොවීන් අද පත්වී ඇති තත්වය ගැන උන්වහන්සේ අපට කී කතාව මෙසේය.

ගම්පහ නාරද හිමි

අපේ නාමල්තලාව  ප්‍රදේශයේ ගොවීන් බඩ ඉරිඟු වගාවට පොහොර ගන්න සල්ලි බැන්දා. කොටසකට ලැබිලා,කොටසකට නෑ.  පන්සලට ඇවිත් බිල් පෙන්නවා. අම්පාර ගොවිජන සේවා කොමසාරිස් තුමියගෙන් අහන්න කෝල්  දුන්නට ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ.

සල්ලි බැඳලා තියෙද්දි ඉරිඟු ගොවියාට පොහොර නොදෙන අම්පාර ගොවිජන නිලධාරීන් පිළිබඳ පුළුල් විමර්ශන ආරම්භ කරන්න ඕනි. අම්පාර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරිය පිළිබද ගැටලු රැසක් තිබෙනවා.“  උන්වහන්සේත් ඉල්ලන්නේ මේ අපරාධයට එරෙහි සී.අයි.ඩී පරීක්ෂණයකි. මුන් සියල්ල එකතුවී සෞභාග්‍යයේ දැක්ම භූමිදානය කර ඇත.

  • තුච්ච පොහොර හොරකම නීත්‍යානුකූල කළ හැටි

මහානාගපුර ඕමරන්ගාව  ගොවි සංවිධානයේ සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේය. අවසාන වශයෙන් ඔහු කියන කතාව අසන්න ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේ

“දිස්ත්‍රික්කයට ලැබුණ පොහොර කෝටා එක අනුව අම්පාර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් මඩානගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවීන් වෙනුවෙන් යූරියා පොහොර මිටිත් 2600 ලබාදෙන්න නියම කරලා තිබ්බා.  මඩානගම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අයත් ග්‍රාමසේවා වසම් 13ක ගොවීන් පොහොරවලට රුපියල් 6500 බැගින්  මුදල් බැඳලා තිබුණේ.“

“එලෙස බැඳපු මුදල් පොහොර ලේකම් කාර්යාලට බැඳලත් තිබ්බා. ඒ අනුව පලවෙනි වතාවේ පොහොර මිටි පන්සියයක් ආවා. 450ක්ගොවි ජන සේවා කාර්යාලයේ බාලා   ප්‍රවාහණය  කළ කොන්ත්‍රාත් කරු පොහොර මිටි 50 ක් අරන් ගියා ඊට පස්සේ එයා එවා රුපියල්  30 000ක්  වැනි  ඉහළ මිලකට දෙමළ මුස්ලිම් අයට වික්කා කියලා දැනගන්න ලැබුණා.“

“ඊට පස්සේ   බක්මිටියාව පන්නල්ගම ප්‍රදේශයේ  ගොවියන්ට පොහොර මිටි පන්සීයයක් ගෙනාවා. ඒක ගොවි නියාමකවරයා කොටසක් පන්නල්ගම සහ බක්මිටියාව ගොවීන්ට බෙදලා ඉතුරු කොටස එයාගෙ නිවසේ තිබෙන ගබඩාව අරගෙන ඇවිත් දෙමළ මුස්ලිම් අයට ඉතා ඉහළම  විකුණලා තිබ්බා.“

“පොහොර නොලැබුණු බක්මිටියාව, පන්නල්ගම ගොවීන් මඩානගම  ගොවිජන සේවා මධ්‍යස්ථානයට ඇවිත් එහි ගොවිජන සංවර්ධන නිලධාරිවරයාට කියද්දී වරදක් වුණා කියලා ඔහු පිළිගත්තා. ඉන්පසුව ආපු ඉතුරු පොහොර ඒ ගොවීන්ට  දීලා මේ අය ඇඟ  බේරගත්තා.“

“ඊටත් පස්සෙ ආපු  පොහොරත් එක්ක   ප්‍රවාහනය  කරපු කෙනා පොහොර  මිටි 150ක් අරගෙන ගිය බව ගොවිජන සේවා කොමසාරිස්වරිය ඉස්සරහ ප්‍රවාහනය කරපු අය පිළිගත්තා. ගොවීන් සල්ලි බැඳලා ගෙනාපු පොහොර අරගෙන යන්නේ කොහොමද?“

  • සල්ලත් නෑ… පොහොරත් නෑ… හොරකාපු උන්ට දඬුවමකුත් නෑ…

“11වන මාසේ 10 වනදා ඉදන් මේ ගොවීන් සල්ලි ණයට අරන්,   කණකර ආභරණ   උගසට තියලා තමයි සල්ලි දුන්නේ. මුලින්ම වාගේ  පොහොර වලට   සල්ල බැඳපු පොහොර මිටි 250ක් ලබා දෙනකම් ගොවියෝ බලාගෙන ඉන්නවා. දැන් ඒ පොහොර හම්බවෙලා වැඩකුත් නෑ. දවස් 35න්   පස්සෙ ඉරිඟු වලට  පොහොර ගහලා වැඩකුත් නෑ.“

“දැන් මල් පිපිලා. මුල් කාලයේ පොහොර හම්බුනා නම් ගහලා වගාකරන්න තිබ්බා. දැන් පොහොර නැතිව වගාව ගන්න දෙයක් නෑ විනාශ වෙලා ගියා. ගොවින් විශාල පිරිසක් අන්ත අසරණ වෙලා ඉන්නවා. “

“අඩුම තරමින් මේ වෙනකන් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හොරට පොහොර වික්ක අයට කිසි දඬුවමක් නෑ.  යුක්තිය ඉටුවෙනකම්  සති දෙකක් බලං හිටියා. තාමත් නෑ .“

“මේ වෙද්දි බක්මිටියාව භාර  ගොවි නියාමකවරයා අදාළ ලිපි ලේඛන හරිගස්සලා නම් ලිස්ට් හදලා වැරැද්දක් නොකළ විදිහට ඉන්නවා. පොහොර ප්‍රවාහන කරපු එක්කෙනා පෙහොර මිටි 150 අරන් ගිහින්.  ඒ අයත් ලිපි ලේඛන හොරට හදා ගන්නවා. හොරකම් නීත්‍යානුකුල  කරන්න   කාලය දීලා තියෙන්නේ. “

“ගොවින්   230 කට පොහොර නෑ. ඒ ඔක්කොටම සල්ලි පොහොර ලේකම් කාර්යාලය බැඳලා තියෙන්නේ. එම නිසා මේ පිළිබඳව ඉතා ඉක්මනින් විධිමත් පරීක්ෂණයක් කරන්න මේ අසරණ ගොවීන්ට සාධාරණයත් ඉටු කරන්න.   පොහොර වංචා කරන  නිළධාරින්  පිළිබඳ ඉහළ සිට නිසි පරික්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා“ යැයි වෙනුර ප්‍රදිප් හෙට්ටිගමගේ   කීවේය.

මේ කතා කීපයකි. මෙවැනි කතා ඔනෑ තරම් ඇසෙන්නේය. මේ රට මේ තරම් නින්දිත පාහර තැනක් යැයි අප සිතුවේ නැත. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගෙන්වා ගත නොහැකිව හාමත්වූ මිනිසුන් ජීවත්වන ඩොලර් සංචිත බංකොලොත්  රටේ අශිෂ්ට පොහොර හොරකම කළ කෘෂිකර්ම ඇමති දෙකට්ටුව චීන්නුගේ කුණු පොහොර වලට ඩොලර්වලින් වන්දි ගෙව්වේ මීට ටික වෙලාවකට පෙරය.

එහෙව් රටේ අම්පාරේ ගොවිජන සේවා නිලධාරීන් යුරියා මිටි දෙතුන් සීය හොරකම් කිරීම අරුමයක් නොවේ. මහ උන් හිට හුලිජ්ජ කරනවිට උන්ගේ ගෝල හැත්ත දුව දුව හුලිජ්ජ කරන ආකාරය දකිමු.

ආරජිකත්වය මෙයය. මෙය හොරුන්ට ගිය රටකි. හොරකම නීත්‍යානුකූල කරමින් ඇති රටකි. මුන් මුන්ගේ නල්ලමලේ සෞභාග්‍යයේ දැක්ම පමණක් නොව, සියවස් ගණනක් ඉදිරියට රටේ අනාගතයත් භූමදානය කර ඇති බව කණගාටුවෙන් ලියා තබමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළදැරියකගේ ජීවිතය බේරා ගත් ට්‍රැෆික් රාළහාමිලා ඇගැයීමට….

Next Post

නිවුන් අලි පැටවුන් සූරාකන බවට ලෝක ප්‍රකට ගායිකාවක් මෙරට නිලධාරීන්ට දොස් පවරයි

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.