ජාත්‍යාන්තර මූල්‍ය ආයතන ශ්‍රේණිගතකිරීමේ ආයතනයක්වන ෆිච් රේටින් ආයතන විසින් ලංකා බැංකුවේ දීර්ඝ කාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගතකිරීම පහත හෙළා තිබේ.
ඒ සීසීසී සිට සීසී දක්වායි. ෆිච් රේටින් ශ්‍රේණිගතකිරීම් නිර්වචනවලට අනුව දැනට ලබා දී ඇති සීසී ශ්‍රේණිගතකිරීමත් පවතින්නේ ඉහළ අස්ථාවරත්වයක බැවින් මේ තත්වය පිළිබඳව ද නිසි පුරෝකථනයක දිය නොහැකි බව එම ආයතනය කියයි.
ලංකා බැංකුවේ දේශීව පැවති ඒඒ ශ්‍රේණිගත කිරීම මෙම සමාලෝචනයේ දී සලකා නැති බවත් වාර්තා වේ.







