බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිතුමා කටයුතු කරන්නේ කරන දේ ගැන අවබෝධයකින් නොවෙයි…

මා ඉවත් කළ බව ආරංචි වුණේ චීන පොහොර වන්දිය අඩු කරන සටනක් අතරතුරයි... ඉවත් කළ කෘෂිකර්ම ලේකම් කියයි

by editor
දෙසැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • වෛද්‍ය පාදෙණිය ප්‍රියන්ත යාපා ආචාර්ය වීරක්කොඩි මගේ දැක්මට වෙනස්ව කටයුතු කළා

  • ලේකම් ධුරයෙන් ඉවත් කරන්න හේතුවූ  ප්‍රශ්නය මහින්දානන්ද මහත්තයාගේ ද   ජනාධිපතිවරයාගෙද කියලා  දන්නේ නෑ

  • චීන පොහොර නැවේ ගනුදෙනුවට අගමැතිත් බලපෑම් කළා. මම හිටියෙ ඩොලර් මිලියන 6.7ක මුදල ඩොලර් මිලියන 1.7කට අඩු කරගන්න සටනක…

තමන් අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් කර අති බවට පණිවිඩවය ලැබුණේ චීන පොහොර වෙනුවෙන්  අපට ගෙවන්නට සිදුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල ඩොලර් මිලියන 1.7කට අඩු කිරීම සඳහා විශාල සටනක් කරගෙන යන අවසථාවකදී බවත් මේ වන තෙක් තමන්ට ඉවත් කළ නිශ්චිත හේතුව දන්වා නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ පවසයි.

අද චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

සෞභාග්‍ය දැක්ම රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය   සකස් කිරීමේදී මුල් අවධියේ සිට තමන් මහාචාර්යවරයකු ලෙස මෙම කටයුතුවලට සම්බන්ධ වූ බව සඳහන් කළ මහාචාර්යවරයා  ජනාධිපතිවරයාගේ එම දැක්මට අනුව 2030 වසරේ දී සම්පූර්ණයෙන් කාබනික ගොවිතැනට යන්නට කළ සියලු සැලසුම් එක රැයින් වෙනස් වන ආකාරයට ගැසට් නිවේදන නිකුත් වූ බවත් සඳහන් කළේය. තමන් එදා සිට මේ තරම් ඉක්මනින් මෙම කටයුත්ත සිදු කිරීම අසීරුය යන මතයේ සිටි බවත්   අදාළ ස්ථානවලදී මේ මතය තමන් රජයට ඉදිරිපත් කළ බවත් පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම්වරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“ මම ලේකම් ධුරයෙන් ඉවත් කරන්න හේතුවූ  ප්‍රශ්නය මහින්දානන්ද මහත්තයාගේ ද අතිගරු ජනාධිපතිවරයාගෙද දන්නේ නෑ. නමුත් මේ පොහොර ප්‍රශ්නය පිළිබඳව මීට ටික දිනකට කලින් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් තිබූ සාකච්ඡාවේදි කාබනික ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැති බවත්, මේ ආකාරයට යන්නට නොහැකි අය සිටිනවා නම් යන ලෙසත්  ජනාධිපතිතුමා කිව්වා.  ජනාධිපතිතුමා එහෙම කියනකොටත් එදාම හිතුණා  මට යන්න වෙයි කියලා. ජනාධිපතිතුමා හරි හැටි අවබෝධයකින් වැඩ නොකරන බව තේරුණා. “

තම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතැමුන්ට විවේචන තිබූ බවත් මේ විවේචනවලට හේතුව සෞභාග්‍ය යේ  දැක්ම අනුව කටයුතු නොකිරීම නොව ඔවුන්ගේ ඉලක්කයට අනුව තමන් කටයුතු නොකිරීම යැයි තේරුණ බවත්  සඳහන් කළ මහාචාර්ය උදිත් කේ ජයසිංහ ප්‍රධාන ලෙසම චෝදනා කළේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියටය.

“අප කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හදන වෙලාවේ ඒකාබද්ධව වැඩ කළා. මම කරපු වැඩපිළිවෙළ පිළිබඳව  දොස්තර පාදෙණියගේ විරෝධයක් තිබුණා. ඒ ඇරෙන්න මා සමග මහාචාර්ය   ප්‍රියන්ත යාපාත්  මතවාදී ගැටුමක හිටියා. ඔහුට තිබුණෙ ඔහුගේම ආවේණික ගැටුමක් . රතන හාමුදුරුවෝත් එතන හිටියාට  ගැටුමක් ආවේ නෑ. ඊට අමතරව පසු අස්වනු තාක්ෂණ ආයතනයේ ආචාර්ය වීරක්කොඩි මා සමග වෙනස් මතවාදයක හිටියා.“ ඔහු පවසයි.

තම මැදිහත් වීම මත රසායනික පොහොර තහනම් කිරීමේ ගැසට් නිවේදනය ආපසු හැරවීමට හැකි වූ බවත් තමන් එය මාධ්‍යයට කී විට කෘෂිකර්ම අමාත්‍යවරයා එවැන්නක් සිදු නොවූ බවට කළ ප්‍රකාශය අසත්‍යයක් බවත් හිටපු ලේකම්වරයා මෙහිදි අනාවරණය කළේය.

“මගේ ඉවත් කිරීම ආසන්නතම හේතුව සාගතයක් ඇතිවෙන්න පුළුවන් කියල ගන්නෝරුවේ කිව්ව කතාව කියල සමහරු කියනවා. මම අදටත් ඒ කතාව ඉල්ලා අස් කර ගන්න සූදානම් නෑ.    ඒක ඊයේ සවස කියපු කතාවක් නෙවෙයි. සාගතයක් ඇති වුණොත් කන්න බොන්න නැති වුණොත් අපි වැරදි ප්‍රතිපත්තියක ගමන් කරන නිසයි.    අපිට නිවැරදිව කළ හැකිව තිබූ  දෙයක් වැරදියට කළ වෙලාවක එය  නිවැරදි කරන මාර්ගයක  මම ආවෙ.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

වී වගාබිම් 90%කින් අපේක්ෂිත අස්වැන්න ලැබෙන එකක් නෑ… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

Next Post

“යාපනයේ රජවරු“ යළිත් එල්පීඑල් දිනති!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.