සපුගස් කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් ඇතැයි බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරයි.
තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ලඟාවීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම අවදානම මතුවී තිබේ.
බොරතෙල් ගෙන එන්න ගතවන කාලය දින 90ක් බවත් දැනට ඇනවුම් කර ඇති බොරතෙල් නැව් ලඟාවන්නේ ජනවාරි මස 25 පමණ වනවිට බවත් පවසන එම ආරංචි මාර්ග මේ තත්වය තුළ ජනවාරි මස මුල් සතියේ සිට යළි සපුගස්කන්ද වසා දැමීමේ ඉඩක් ඇති බව පවසයි.
කෙසේ වෙතත් දැනට සපුගස්කන්දේ පරිපහදුව සඳහා යොදා ගන්නා බොරතෙල් වර්ග දෙකක් සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බවත් එම තෙල් ලබා ගත හැකිවුවහොත් ගැටලුවක් පැන නොනගින බවත් අමාත්‍යාංශය කියයි.
විදේශ විනිමය සංචිත කළමනාකරණය කරගැනීම සඳහා බොරතෙල් ආනනයන නැවැත්වූ බැවින් පසුගිය නොවැම්බර් 15 වසා දැමූ තෙල් පිරිපහදුව යළි විවෘත කරනු ලැබුවේ දින 22කට පසුවය.







