පසුගිය 3 වැනි දා සිකුරාදා හා 4 වැනි දා සෙනසුරාදා පාර්ලිමේන්තු ගර්භයේ දී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී සිදුවූ සිද්ධීන් පිළිබඳ සොයා බලා ඒවාට ගතයුතු පියවර කවරේද යන්නත්, ඉදිරියේ දී එවැනි සිද්ධීන් සිදුනොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේ ද යන්නත්, නිර්දේශ කිරීමට හැකිවන පරිදි නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටියගේ සභාපතිත්වයෙන් යුතුව විශේෂ කමිටුවක් තමන් විසින් පත් කළ බව කතානායකවරයා අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේමජයන්ත, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, ආර්.එම්.රන්ජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ සුමන්තිරන් යන මාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් එම කමිටුව සමන්විතය.
ඊයේ (07) දිනයේ සමගි ජනබලවේගයේ පක්ෂ නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව තහවුරු කරන ලෙස කළ විශේෂ ඉල්ලීමක් කර ඇති බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම නියෝජිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තමන්ගේ වගකීමක් බවත් කතානායකවරයා කීවේය.
සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම වැඩපිළවෙළක්ම තමන් විසින් දියත් කර ඇති බව කතානායකවරයා අවධාරණය කළේය. එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සංයමකයිකින් යුතුව හැසිරෙන ලෙසත් ස්වකීය කථාවාරවලදී අනෙකුත් මන්ත්‍රීවරුන් වෙත පුද්ගලිකව අපහාසවන දේ මතු නොකර සිටීමේ අවශ්‍යතාවයත් කතානායකවරයා දැඩිව මතු කළේය.







